මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

කවදා කොතැන කවුරුන් කළද වරද වරදමය. මේ හෙළි කරන්නේද කවදා කොතැන සිදුවූයේදැයි නොදන්නවා වුවද මහ පොළොව නුහුලන අපරාධයකි.

මතු සඳහන්වන ඡායාරූප වනසතුන් දඩයම් කරමින් ඒවා අළෙවි කරනා සහ භුක්ති විඳිනා පිරිසකගේය. මුවන්, ගෝනුන්, ඉත්තෑවුන්, හාවුන්, උගුඩුවන්, මීමින්නන් ඇතුළු වන සතුන් සිය ගණනක් මරා මස්කර බුදින මොවුන්ගෙන් අයෙකු හෝ දන්නේනම් අදාල බලධාරීන් වෙත වදහා දන්වන්න.

ෆොන්සේකා කැළණියට ඒම මට අදාල නැහැනෙ

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායකවරයා ලෙසද පත් කෙරුණා.

මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජිකයකු ලෙස සක්‍රීය දේශපාලනයේ නොයෙදුනද, කැළණියේ දේශපාලන බලවතා ලෙස බොහෝ කාලයක් කටයුතු කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහාතා එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ජාතික දේශපාලනයේ නිරත වූවෙක්.

ජොනීට ඇප - නාමල්ට නඩු

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් දේශපාලන කටයුතුවලට යෙදවූ බවට චෝදනා එල්ලවූ හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට අධිකරණය අද (30) ඇප නියම කරන ලදී.
ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොසේ හිටපු සභාපති එරාජ්ප්‍රනාන්දු ට හා එහි ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ මොහොමඩ් සාෆීරු යන දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ ඇප ලබා දුනි.
එමෙන්ම අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්රාජපක්ෂට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.

අෑනුමක් ඇරියාට රිමාන්ඩ්!

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී උස් හඩින් අෑනුමක් යවා අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන මස 4 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (29දා) නියෝග කළාය.

අධිකරණයේදී අෑනුමක් යැවීම සම්බන්ධයෙන් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි සුරංග ජනක කුමාර නමැති සැකකරුවෙකි.

එංගලන්තය ජය ගනී Video

ජේසන් රෝයිගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැති සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර හතළිස් දෙකකට සීමා වූ අතර තරගයේ ජය තිරණය වූයේද ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායයට අනුවයි.

ලසිත් මාලිංග දේශපාලනයට ?

lasith malinga politics
පසුගිය දිනවල අයිපීඑල් තරගාවලිය හා දණහිසේ ආබාධ කතාව නිසා ආන්දෝලනයට තුඩුදුන් ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග කලාතුරකින් සිදුවන්නක් ලෙස දේශපාලකයෙකු වෙත යාම නිසා ඔහු දේශපාලනයට පිවිසෙන්නට උත්සාහයක් පවතින බවට කතාවක් පැතිර පවතී. 

ඔහු ගොස් තිබුනේ එජාපයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන රන්ජන් රාමනායකගේ නිවසටයි.

එහිදී ඔහු ඡායාරූප කිහිපයකටද පෙනී සිටියා.ඔහු එහිදී කතාබහ කළ දේවල් තවමත් හෙළිදරව් කර නැත.

සංගා තේරු ලෝක කණ්ඩායම

ලෝක ක්‍රිකට් පිටියේ ජනාදරයට පත්ව සිටින කුමාර් සංගක්කාර, ලන්ඩනයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ විසින් සිදුකළ විශේෂාංගයක් යටතේ, මේ දක්වා ක්‍රිකට් පිටියේ ඔහු දුටු විශිෂ්ටයන් තෝරා ලෝක ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට කටයුතු කළේය.

සංගක්කාර නම් කළ කණ්ඩායම් එම ක්‍රීඩා සමාජයේ වේබ් අඩවිය ඊයේ (28දා) එළිදැක්වීය. රටවල් හයක ක්‍රීඩක එකමුතුවෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම සඳහා වත්මන් ක්‍රිකට් පිටියේ සිටින කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත් වී නොමැති වීම විශේෂත්වයකි. සංගක්කාර විසින් මෙම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වායි.

පාඨලි සැකකරුවෙක් කරන්න සාක්ෂි නෑ

තරුණයෙකුට බරපතල තුවා සිදුකරමින් පසුගිය පෙබරවාරි මස 28දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නම් කිරීමට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29දා) ප්‍රකාශයට පත්කළ නියෝගය මගින් පෙන්වා දුන්නේය.

පාඨලී චම්පික අමාත්‍යවරයා එම නඩුවේ සැකකරුවෙකු කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ණුවන් ගුණවර්ධන මහතා පසුගිය නඩුදිනයේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම බව පෙන්වා දුන්නේය.

තෙවරප්පෙරුම ආණ්ඩුවෙන් ඉවත්වෙනවාලු

මීගහතැන්න ප්‍රාථමිකයට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණයකට එරෙහිව මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ කළ විරෝධතාවට අද පිිළිතුරක් ලබා නොදෙන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ඔහු පවසයි.

මෙම විරෝධතවයට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියි.

එසේම තමන් සමග පාලින්ද නුවර, වළල්ලාවිට, නියාගම, මඳුරාවෙල ප්‍රාදේශීය සභා හිටපු විපක්ෂනායකවරුන්ද යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ද ඔහු කියයි.

චන්ද්‍රිකාගේ උපන් දිනය අද

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 71 වැනි උපන් දිනය අදට යෙදී තිබේ.

මේ නිමිත්තවෙන් ඇය අනුරාධපුර ජය ශ‍්‍රි මහා බෝධිය වැඳපුදාගෙන පස්වරුවේ හොරෙගොල්ලේදී පැවැත්වෙන චාම් උත්සවයකට සහභාගී විමට නියමිතය.

බස් ගාස්තු ඉහළ යන හැටි

ජූලි පළමු වැනිදින සිට සිදුවන බස්ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 08 සිට 09 දක්වාත්, එතැන් සිට පවතින ගාස්තු 06%කින් ඉහළ දැමීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව සිදුකළ ගණනය කිරීම්වලට අනුව ගාස්තු සංශෝධනය විය යුත්තේ 3.2%කින් බවට තහවුරු වී ඇත.

එහෙත් 3.2%ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන නිසා එම ගාස්තුව ප්‍රතික්‍ෂේප කිරීමට බස් සංගම් කටයුතු කර තිබේ.

රන්ජන් ට වෙඩි පුහුණුව

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කටුකුරුන්ද වෙඩි පුහුණු පාසලේදී වෙඩි පුහුණුව ලබාගැනීමට අවස්ථාව සැලසී ඇති බව ඒ මහතා පවසයි. පසුගිය දිනක ඒ මහතා පදිංචිව සිටින මාදිවෙල මන්ත්‍රීනිල නිවාස ආසන්නයේ සිට වෙඩි පුහුණුව ලබමින් සිටි අතර ඒ පිළිබඳව මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දුන් පසු එහි වෙඩි පුහුණුව නවත්වන ලෙසට අවවාද කරනු ලැබිණි.

ඉන්පසු ඒ මහතාට කටුකුරුන්ද වෙඩි පුහුණු පාසලේදී එසේ පුහුණුව ලබාගැනීමට ඉඩ සලසා දුන් බව රන්ජන් රාමනායක මහතා කියයි.

ගුරුතුමිය සිසුවියගේ අත කඩයි

අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේ පාසලක නවය වසර සී පන්තියේ පන්ති නායිකාවට සෞඛ්‍ය විසය භාර ගුරුවරිය රීප්ප පටියකින් පහර දීමකින් වම් අෙත් අස්ථි බිඳී අතැයි පවසමින් ඇය අකුරැස්ස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පාසලේ ශරීර සුවතා සඳහා නොගොස් පිරිසිදු කිරිම් කටයුත්තක නියැළීම මෙම පහර දිමට ආසන්නතම හේතුව බව සිසුවිය කළ ප්‍රකාශයේ සඳහන් පොලිසිය කියයි.

පාසල් සිසුවිය අඹුව ලෙස තබාගෙන

අවුරුදු දාහතරක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ සිය නිවසට කැඳවාගෙන විත් බිරිඳ ලෙස තබාගත් විසිතුන් හැවිරිදි යුද හමුදා සෙබළකු ඉකුත් 24 දා වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාව හා යුද හමුදා සෙබළා අතර පැවැති ප්‍රෙම සම්බන්ධතාවක්‌ මත හමුදා සෙබළා විසින් තරුණිය නිවසට කැඳවාගෙන විත්ඇත.

ලංකාවේ පිරිමි ගණිකාවන්..!

male prostitution in sri lanka
මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුන්ගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර එච්.අයි.වී. ඒඩ්ස්‌ රෝගය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පැතිර යැමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු ප්‍ර‍කාශ කරති.

මේ වනවිට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු පවසති.

විජිතමුණිටත් විරෝධය

ඇමති විජිත් විජේමුණි සොයිසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් රිදී මාලියද්දේ පැවති හමුවකදී උණුසුම් තත්වයක් ඇති විය.

හමුව පැවතුනේ මොරාන ජල ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වන ජනතාවට වන්දි ගෙවීමේදී ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් ලබා දිම සඳහායි.

තමනට ප‍්‍රමාණවත් වන්දියක් හිමි නොවන බව පැවසූ ජනතාව කියා සිටියේ තමන් සිය දිවා නසා ගන්නා බවයි. තවත් පිරිස් කියා සිටියේ මරා දැමුවද තම ඉඩම් හැර නොවන බවයි.

කිෂානිගේ සාරි කඩේ

රංගන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතරේ කිෂානි අලංකිට හිමිවන්නේ සුවිශේෂි තැනක්.

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා සඳහා සිය රංගන දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, මේ වනවිට රසික ආදරය නොමඳව දිනාගෙන ඇත්තේ ටෙලි හා සිනමා නිළියක ලෙසිනි. කිෂානි පසුගියදා තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කටයුතු කර තිබුණ අතර, ඇය ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්විය.

ලිංගික අපරාධ CCTV වීඩියෝව මාධ්‍යයට

මහමග ගමන් කරමින් සිටි කාන්තාවක් පිටුපස පැමිණි පුද්ගලයෙකු එම කාන්තාව දූෂණය කිරීමට තැත් කළ ආකාරය දැක්වෙන ත්‍රාසජනක වීඩියෝ දර්ශන පෙළක් CCTV ආරක්ෂිත කැමරා පද්ධතියකට හසු වී තිබෙනවා.

පසුගිය ඉරිදා ඇය මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තේ අළුයම 3.50ට පමණ බව යි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව 34 වැනි වියෙහි පසුවන්නියක්වන අතර ඇයව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයා ඇය පසුපසින් පැමිණ එකවරම ඇයව ග්‍රහණය කරගන්නා අයුරු CCTV වීඩියෝවේ දැක්වෙනවා.

පවිත්‍රාට උසාවියෙන් දැඩි අවවාද

ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 20ක මුදල් වංචාවක් සිදුවූ බව කියන නඩුවක පැමිණිලිකාරිය ලෙස අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද(28) තරයේ අවවාද කළාය.

අධිකරණ කටයුතු යන අවස්ථාවේ මන්ත්‍රීවරිය ඇගේ නීතීඥවරයාට ඇගිල්ලෙන් ඇන විටින් විට උපදෙස් දීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය එලෙස අවවාද කර තිබේ.

රෝසි පාර්ලිමේන්තුවට?

rosy
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවට ඉරාන් වික්‍රමරත්න මහතා පත්කළහොත් කොළඹ දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට තරඟවැදුණු රෝසි සේනානායක මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

ඇය දැනට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය ප්‍ර‍ධානී තනතුර හොබවනවා.

ඇඳෙහි මූත්‍රා කළ වරදට දරුවා පුච්චයි Video

ඇඳෙහි මූත්‍රා කළ වරදට කුඩා දරුවෙකුට කෘෘර දඬුවමක් ලබා දුන් සුළුපියෙකු පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

ඔහු දරුවා නිරුවත් කොට ගිනි ගොඩකට අල්ලා පුළුස්සන ආකාරය එම සංවේදී වීඩියෝවේ දැක්වේ.

මෙම තුන් හැවිරිදි දරුවා වේදනාවෙන් කෑගසන අතරතුර එය ගණනකටවත් නොගන්නා එම පුද්ගලයා දරුවාව ගිනි මැලයට ඉහළින් අල්ලාගෙන සිටියි.

පාර්ලිමේන්තුවේ හබන් කිකිළිය හිරුණිකා

ඇටෝනි බලපත්‍රයක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදීල පොලිසියේ ක්‍රියාකලාපය සැකසහිත බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර දිසානායක මහතා මෙසේ පවසා සිටියා.

2002 වසරේ සිට 2014 දක්වා දේශපාලනඥයින් 74 දෙනෙක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ පැමිණිලි අතර, සභානායක අමාත්‍යලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ, රෙජිනෝල්ඩ් කුරේ යන අය චෝදනා ලැබලා ලිපිගොණු අතර සිටිනවා.

ඇමති සුසිල් බලන්න මහින්ද යයි

mahindaඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා රෝගාතුර වීම හේතුවෙන් මේ දිනවල නැවතී සිටින්නේ කොළඹ නවලෝක රෝහලේය.

ඒ මහතාගේ සුවදුක් බැලීම සඳහා යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමතක නොකලේය.

පේම්ජයන්ත් මහතාගේ මුණුපුරාද හිටපු ජනාධිපතිවරයාගේ තුරුලට පැන සේලෆියක් ගන්නට අමතක නොකලේය.

ආයි රට යන්නේ නෑ ලු

menaka
සරත් ධර්මසිරිගේ ”සත්පත්තිනි” ටෙලි නාට්‍යයේ එන රන් මැණිකා චරිතය වෙනුවෙන් මෙවර රයිගම් ටෙලිසම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය රන් මැණිකාට හිමි වුණේ චරිතය තුළින් ඇය ඉස්මතු කළ දක්ෂතාවය නිසාමයි. ඇය ජනප‍්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස්.

එදා ඒ සම්මානනීය රාත‍්‍රිය ගැන මතක ආවර්ජනය කළොත්?
ඒ මොහොතේ දැනිච්ච සතුට වචනවලින් ගලපන්න බැහැ. සතුට වැඩිකමට හදවත ගල් ගැහුණා වගේ වුණා.

කෙනෙකුගේ ජීවිතේට ලැබෙන විරල අවස්ථාවක් ඔබේ ජීවිතෙත් තියෙනවා. රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නාට්‍යයෙන්ම හොඳම නිළිය සම්මානයට පාත‍්‍ර වුණා. වසර දෙකකට පසුව මෙවරත් ඔබ හොඳම නිළිය වුණා?

හමුදා ආරක්‍ෂාව ඉවත් කරන්න එපා

gota
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ මරණීය තර්ජන අදටත් විවිධාකාරයෙන් සිය ජීවිතයට බලපා ඇති නිසා තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්‍ෂාව ඉවත් නොකරන ලෙසට තමා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී පැවැසීය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යම් මෙහෙවරක්‌ කළ තමාගේ ආරක්‍ෂාවට යොදවා සිටින හමුදා ආරක්‍ෂාව ඉවත් කර පොලිසිය යොදවන බවට ලද තොරතුරු අනුව තමා එම ඉල්ලීම කළ බවද එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේවනතෙක්‌ම තමාට හමුදා ආරක්‍ෂාව ලබාදී ඇතැයිද එහිදී සිහිපත් කළේය.

ගුවන් යානයක් ගුවනේදී ගිනි ගනී video

සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක අද (27) අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන් ගතවී පැය දෙකහමාරකට පසු එන්ජිමේ ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බවට අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කිරීම හේතුවෙන් යළි ගොඩබස්සවා ඇති බවයි.

මෙම යානය සිංගප්පූරුවේ සිට ඉතාලියේ මිලානෝ නුවර දක්වා ගමන් කිරීමටයි නියමිතව තිබුණේ.

ෆොන්සේකා එජාපයට

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක, ආමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළැඹෙන 30 දා එක්සත්ජ ජතාකි පක්ෂයේ සාමාජිකත්වයට ලබා ගැනීමට සූදානම් වෙනවා.

ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එජාප සිරිකොත මූලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය එදිනට පිරිනමනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මන්ත‍්‍රී රෝහිත සුවය ලබයි Video

rohitha
පසුගියදා විරෝධතාවයක් අතරතුර යකඩ බාධකයක් ඇඟමත කඩාවැටීම නිසා අනතුරට පත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන දැන් සුවය ලබා තිබෙනවා.ඔහු හිසේ වෙළුම් පටියක් සහිතව මාධ්‍ය අමතා ප‍්‍රකාශයක් අද සිදු කළා.

එහිදී කියා සිටියේ තමා එම සිදුවීමේ වගකීමට පොලිසිය ඈඳාගන්නේ නැති බවයි.එම ප‍්‍රකාශය පහතින්
රෝහිත තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර තත්වයව යහපත් බැවින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.

දයාසිරිට පන්න පන්නා හූ කියලා

dayasiriහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දින කුලියාපිටියේ හා පඬුවස්නුවර පැවති ජනහමු වේදිකාවට ගොඩ වූ ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරට එහි සිටි ජනතාව විසින් හූ කියා තිබේ.

හිටපු ජනාධිපතිවරයා මැදිහත් වී ජනතාවගේ හූ කීම පාලනය කලද ඇමති දයාසිරි ටික වේලාවකින් හූ හඬ මැද යන්නට වේදිකාවෙන් බැස ඇත. එහිදී ජනතාව අතර සිටි එක් අයෙක් ‘ඔබට කොන්ද පණ තියෙනවාද’ යි අසද්දී කෝප වී ඇති ඇමති දයාසිරි එම පුද්ගලයා සමග ගැටුමකට යද්දී අසල සිටි තවත් පිරිසක් ඇමතිවරයාට පහර දීමට මෙන් වටකරගෙන ඇත.

පාලිත තෙවරප්පෙරුම ආයෙත් යකා නටයි

ගාල්ල - දෙවට ප්‍රදේශයේ හෝටලයකට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එහි සේවකයෙකුට පහරදී ඇති බවට වාර්තා වනවා.

අදාළ සේවකයා ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැණ වැදී ඊයේ දහවල් තමන්ට පහරදුන් බවයි. අදාළ පහරදීම හෝටලයේ සවිකර තිබුණ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණා.

ආහාර රෝලයක් තුල බීඩියක්!

bidi
කාත්තාන්කුඩි ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියේ ඇති හෝටලයක උදේ කෑමට ගන්නා ලද ආහාර රෝලයක් තුල පත්තු කරන ලද බීඩියක් හමුවී ඇත.

ආහාරය ගත් පුද්ගලයා පොදු සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ලබා දුන් තොරතුරට අනුව එම ස්තානයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අදාල ආහාර සැලට සීල් තබා වසා ඇති බවට පොදු සෞඛ්‍ය පරීක්ෂක එම්.රහ්මතුල්ලාහ් පැවසීය.

ඥානසාර හිමිට එරෙහිව පැමිණිලි

Muslim Council want action against BBS leader
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජාතීන්ට එරෙහිව වෛරීය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ‍පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් ගේ අත්සනින් යුතුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ ඉකුත් ජූනි 25 වන දින මහියංගණය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඥානසාර හිමියන් විසින් මෙලෙස වෛරීය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

විදුලිය අලුත් ක්‍රමයකට

electricity peak off peak times
ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක‍්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී. මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය.

මෙම ක‍්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද, රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත‍්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40 කින් පමණ අඩු වනු ඇත.

සමාධිටත් මංගල සීනු

ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන සමාධි සුලක්ෂණා හොර රහසේම විවාහ වෙන්නට සූදානම් වෙනවලූ.

මේ දවස්වල ඒ වෙනුවෙන් බරටම වැඩ කියලා තමයි අපට නම් ආරංචිය. කතාවෙ හැටියට නම් මේ මාසයේ අග දි මංගල්‍යය ගන්නටලූ සූදානම. 

මනාලයා කවුද කියලා නම් දැන්ම කියන්න බැහැයිලූ. ඒත් ඇය සේවය කරන ආයතනයේම ඉන්න කෙනෙක්ලූ ඇගේ අත ගන්නෙ කියලා නම් අපට දැනගන්න ලැබුණා. කොහොම වුණත් ඒ කවුද කියලා සමාධිගෙන් අහලම කියන්නම්, හොඳේ.

D.V උපුල්ට ඇප

හම්බන්තොට - බඳගිරිය ප්‍රදේශයේ ඉඩම් ආරවුලකට අදාළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) පෙරවරුවේ දකුණු පළාත් සභා ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව, ඔහු අම්බලංතොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවා.

කකුල කැඩුනත් දරුවා ගැන හිතපු අම්මා Video

“දෙවැනි බුදුන්” යන නාමයෙන් පවා මව් පදවිය හැඳින්වෙන්නේ ඒ තරම් ඒ පදවිය උතුම් නිසයි. අම්මා කෙනෙකුගේ ආදරය මේකයි කියලා අර්ථ දක්වන එක ලේසි වැඩක් නෙමේ.

තමා කුමන වේදනාවක් දැරුවත් ඒ වේදනා සියල්ල පසෙක තබා දරුවා ගැන සිතන මව් පදවියේ උත්තරීතර භාවය හොඳින් පිළිබිඹුවන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

තරුණියන් 4ක් විවාහ කරගෙන Video

Kuwait Guy Married 4 Girls at a Same Day
එකම දවසේ තරුණියන් හතරදෙනෙක් විවාහ කරගැනීමේ පුවතක් කුවේට් වලින් වාර්තා වනවා.
සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම තරුණයාගේ වයස අවුරුදු 28ක් බවයි

ගම්මන්පිලගේ අලුත් නොම්බරය

බන්ධනාගාර ගතව සිටින පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන් පිල මහතා පසුගිය බදාදා පාර්ලිමෙන්තුවට පැමිණියේය.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ බන්ධනාගාර බසයකින් වන අතර ගම්මන්පිල පාර්ලිමෙන්තු ලොබියට පැමිණි වහාම ඔහු වටකරගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බන්ධනාගාරයේ විස්තර විමසා තිබේ.

රිතූ ආකර්ෂාට වාහනවලින් අපල

rithu
රිතූ ආකර්ෂාට වාහනවලින් අපලයි. පසුගිය දිනයක මහ රෑ ජාමේ පාර්ලිමේන්තුව අසලදී තමන්ගෙ වාහනය හප්ප ගත්තා. යන්තම් ඒකෙන් ඇයට බරපතළ හානියක් වුණේ නැහැ. 

මේ ඊයේ පෙරේදා දිනයක රිතූ තවත් අනතුරක් කරගත්තා. ඒක වුණේ දැනට අප පාවිච්චි කරන සැහැල්ලු බයිසිකලයක් හින්දා. 

කෝටි 6ක හෙරොයින් දැලේ

drugs
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර කටාර් රාජ්‍යය ඔස්සේ සිදුවු දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස සැළකෙන පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(25) අළුයම ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඇති අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

යතුරක් උගුරේ හිරවෙයි - Video

මේ පුද්ගලයෙකුට සිදුවුණු ලොකු අනතුරකින් පස්සේ ඔහුගේ ජීවිතය බේරගන්න දොස්තරලා දරන මහන්සියයි.

මේ පුද්ගලයාගේ උගුරේ හිරවෙලා තියෙන්නේ යතුරක්. කාර්මිකයෙකු වුණු ඔහු මේ අනතුරට මුහුණපාලා තියෙන්නේ තමන්ගේ රැකියාව කරන අතරතුරේදි.

පැය ගානක් තිස්සේ වෙහෙසිලා කරපු සැත්කමකිනුත් පස්සේ මේ පුද්ගලයගේ ජිවිතේ බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.

උ/පෙළ අගෝස්‌තු 2 සිට

a/l
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය සඳහා අයෑදුම්කරුවෝ තුන් ලක්‍ෂ පහළොස්‌ දහස්‌ හයසිය පස්‌ දෙනෙක්‌ පෙනී සිටිති.

මේ අතරින් දෙලක්‍ෂ හතළිස්‌ දහස්‌ නවසිය අනූ එක්‌ දෙනෙක්‌ පාසල් අයෑදුම්කරුවෝ වෙති. සෙසු පිරිස පෞද්ගලික අයෑදුම්කරුවෝය. මෙවර විභාගය සඳහා විශේෂ අවශ්‍යතා ඇති (ආබාධිත) දරුවෝ 195 දෙනෙක්‌ ද පෙනී සිටිති. මෙම දරුවන්ගේ අවශ්‍යතා කවරේද යන්න සම්බන්ධයෙන් දිවයින පුරා පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණවල දී විභාග දෙපාර්තමේන්තුව හඳුනාගෙන විභාගයට පෙනී සිටීමේදී එම අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනු ලබයි. විභාගය අගෝස්‌තු මස 2 වැනිදා සිට 27 වැනිදා දක්‌වා මධ්‍යස්‌ථාන 2204 කදී පැවැත්වේ.

පිළිකා නසන පානය

පිළිකා රෝගවලින් පීඩා විඳින රෝගීන් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර තම ශරීරයේ ඇති පිළිකා සෛල විනාශ කිරීම සඳහා නොයෙකුත් ආහාර වර්ග ගනිති.

කටු අනෝදා, කතුරුමුරුංගා කොළ, කටු පිල, කරපිංචා, මඤ්ෙÆක්‌කා ආදියෙහි පිළිකා නසනගුණ ඇතැයි විශ්වාස කෙරේ.

රෝහිත තවමත් රෝහලේ

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ විරෝධතාවක් අතරතුර දී හදිසි අනතුරකට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

මන්ත්‍රීවරයා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. එහිදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම ප්‍රතිකාර ලබා කොළඹ ජාතික රෝහලෙන් ඊයේ පස්වරුවේ නික්ම ගියා.

එංගලන්තයට විශිෂ්ඨ ජයක් Video

englandතරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.

ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් කණ්ඩායමට කැඳවා තිබුණි.

විමල්ට ජවිපෙ පිළිතුරු දෙයි Video

jvp wimal
කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙති මහතා කෝප් කමිටුවේ පරීක්ෂණ සිදුකරණ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විවේචනයකට සුනිල් හදුන්නෙත්ති මහතා පිළිතුරු ලබාදුන්නා.

ඊට අදාළ වීඩියෝ පහතින්......

යතුරු පැදියක දරුවකු ගැටෙයි CCTV

Kinniya accident
කින්නියා ප්‍රදේශයේදී මහා මාර්ගයකින් එක් වරම පාර මාරු වීමට යන කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන CCTV පද්ධතියක සටහන් වී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා කින්නියා මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

යතුරු පැදිකරු සහ ඔහුගේ යතුරුපැදිය කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කින්නියා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

එම වීඩියෝව පහතින් බලන්න.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විම සඳහා ලබාගත යුතු ඡන්ද මිලියන 16.8 සම්පුර්ණ කිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් වුණි.

ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ඡන්ද එක්කෝටි හැටනව ලක්ෂ 92,701ක් ලැබී ඇති අතර තවදුරටත් එම සංගමය සමග රැදී සිටිය යුතු බවට එක්කෝට් පනස් අට ලක්ෂ 12,943ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

සේවා දිගුවක් එපා

තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් සේවා දිගුවක් බලාපොරොත්තු නොවන බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මූල්‍ය මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

මහබැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන මේවන විට කෝප් කමිටුව හමුවේ විමර්ශනයක් සිදුවෙයි.

මහබැංකු අධිපතිවරයාගේ සේවා කාලය මේ මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතය.

මහින්දගේ සියලු හමුදා ආරක්ෂාව ඉවතට

mahinda
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරි කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු සහ සමීප ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි යන මහත්වරු ඇතුළු යුද හමුදා නිලධාරීන් පස්දෙනකු එම ආරක්ෂක කටයුතුවලින් ඊයේ (23) ඉවත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි සියලු යුද හමුදා නිලධාරීන් මේ වන විට ඉවත් කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.