අෑනුමක් ඇරියාට රිමාන්ඩ්!

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී උස් හඩින් අෑනුමක් යවා අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන මස 4 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (29දා) නියෝග කළාය.

අධිකරණයේදී අෑනුමක් යැවීම සම්බන්ධයෙන් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි සුරංග ජනක කුමාර නමැති සැකකරුවෙකි.


ගංජා නඩුවකට අදාළව අධිකරණය විසින් සැකකරුට රුපියල් 5,000ක දඩ මුදලක් නියම කර තිබූ අතර එම දඩ මුදල ගෙවන තෙක් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 අධිකරණයේ සිර මැදිරියේ ඊයේ රඳවා තිබිණි.
ඊයේ දිනට නියමිත අධිකරණ කටයුතු නිම කර අතිරේක මහෙස්ත්‍රාත්වරිය විනිසුරු අසුනෙන් බැස යෑමට සූදානම් වෙද්දී අධිකරණ සිර මැදිරියේ සිටි සැකකරු උස් හඩින් අෑනුමක් යවා තිබේ.

එය දුටු අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස වන අයුරින් අෑනුමක් යැවීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩුවක් පවරන ලෙස උසාවිය භාර පොලිස් නිලධාරියාට නියෝග කර තිබිණි. ඒ අනුව පොලිස් කොස්තාපල් පී.ඩී. එස්. අමරසේන (86645) මහතා සැකකරුට එරෙහිව නඩුවක් පැවැරූ අතර එම චෝදනාවලට සැකකරු වරද පිළිගත්තේය.
සැකකරුට දඬුවම් නියම කිරීම ලබන මස 4 වැනි දිනට කල් තැබූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරු එදින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.