රන්ජන් ට වෙඩි පුහුණුව

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කටුකුරුන්ද වෙඩි පුහුණු පාසලේදී වෙඩි පුහුණුව ලබාගැනීමට අවස්ථාව සැලසී ඇති බව ඒ මහතා පවසයි. පසුගිය දිනක ඒ මහතා පදිංචිව සිටින මාදිවෙල මන්ත්‍රීනිල නිවාස ආසන්නයේ සිට වෙඩි පුහුණුව ලබමින් සිටි අතර ඒ පිළිබඳව මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දුන් පසු එහි වෙඩි පුහුණුව නවත්වන ලෙසට අවවාද කරනු ලැබිණි.

ඉන්පසු ඒ මහතාට කටුකුරුන්ද වෙඩි පුහුණු පාසලේදී එසේ පුහුණුව ලබාගැනීමට ඉඩ සලසා දුන් බව රන්ජන් රාමනායක මහතා කියයි.

මෑතක සිට වෙඩි පුහුණුව ලබාගැනීමට රන්ජන් රාමනායක මහතා උනන්දු වන්නේ ඇයිද යන්න කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙසේය.

'මම ඕනෑම තැනක ඕනෑම පුද්ගලයකු සිදුකරන දූෂණ වංචා වැරදි දේවල් හොයා බලනවා. මේවාට හුඟක් අය මාත් එක්ක තරහයි. මීට පෙරද මා වෙඩි පුහුණුව ලබාගෙන තිබෙනවා. ඒ ගණේමුල්ල යුද්ධ හමුදා කඳවුරේදී. එවකට මට එම පුහුණුව ලබා දුන්නේ මේජර් වැලිකල විසින්. කටුකුරුන්ද කඳවුරේදී මෙවර පුහුණුව ලබාදෙන්නේ කවුද මා දන්නේ නැහැ.

දූෂණ වංචා තරාතිරම නොබලා මා විසින් සොයාගෙන ඒ පිළිබඳව අදාළ අංශවලට දැනුම් දීම නිසා පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් එම වංචා දුෂණ සෙවීම නිසා ඒ අයට තමා ඇලජික් බවද කියා සිටියි. බොහෝමන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගියත් කරන දෙයක් නැහැ. ඔවුන් අවුරුද්දකට හතර වතාවක් පාර්ලිමේන්තුවට යනවා.

පාර්ලිමේන්තුව ඇතුලේ අත්සන් කරල අඩුගානේ පනතටවත් සහයෝගය නොදී මහජනතාව වෙනුවෙන් කතා නොකරන ලිස්ට් එකෙන් එන මන්ත්‍රිවරු අවසානයේ ඉන් ඉවත්ව යන්නේ පැන්‍ෂන් එකවගේ රුපියල් හතළිස් දහසක පමණ විශ්‍රාම වැටුපකටවත් හිමිකම් කියමින් ඇතැම් මන්ත්‍රීවරු අවුරුද්දකට හතරවතාවයි පාර්ලිමේන්තු එන්නේ. වසර පහටම විසි වතාවයි. ඒ විතරක් නොවේ ඔවුන් පාර්ලිමේන්තුවේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇයි අත්සන දමල ගෙදර යනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වලින් එන මන්ත්‍රීවරු අපි දැකලාවත් නැහැ. පාර්ලිමේන්තු නාවත් ඒ නොඑන සෑම කෙනෙකුටම පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳින්න ලැබෙනවා. ලක්ෂ ගණනක වෛද්‍ය පහසුකම්, ඩොලර් 625 කෝටි දෙකහමාරක වාහනයක් නිල නිවාස කාර්ය මණ්ඩලයක් මේ වරප්‍රසාද භුක්ති විඳල තවත් හොරකම් කරන අයට අපේ රජයෙන් ඉඩක් දෙන්නේ නැහැ. මට ගැහුවොත් ගහනවා. බැන්නොත් බනිනවා. මම ගුටිකන්නේ නැහැ කිසිම කෙනෙකුගෙන්. මන්ත්‍රීවරු සොරකම් කරන ඒවා කියනවට කැමති නැහැ. සොරකම් හෙළිකරන විට ගහගන්න එනවා. ඇතැම් අය පාර්ලිමේන්තුවේ මරාගන්නවා. පසුව එකට කරේ අත දාගෙන ඉන්නවා. දූෂණ වංචා හොයන්න මාව කෝප් කමිටුවටත් දමා තිබෙනවා. එම නිසා එම දූෂණ වංචා සොයන්න වැටලීම් කරන්න යනවා එම නිසා වෙඩි පුහුණුව ලබාගෙන සිටිය යුතු යැයිද රන්ජන් රාමනායක මහතා පවසයි.