රෝසි පාර්ලිමේන්තුවට?

rosy
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවට ඉරාන් වික්‍රමරත්න මහතා පත්කළහොත් කොළඹ දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට තරඟවැදුණු රෝසි සේනානායක මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

ඇය දැනට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය ප්‍ර‍ධානී තනතුර හොබවනවා.