දයාසිරිට පන්න පන්නා හූ කියලා

dayasiriහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දින කුලියාපිටියේ හා පඬුවස්නුවර පැවති ජනහමු වේදිකාවට ගොඩ වූ ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරට එහි සිටි ජනතාව විසින් හූ කියා තිබේ.

හිටපු ජනාධිපතිවරයා මැදිහත් වී ජනතාවගේ හූ කීම පාලනය කලද ඇමති දයාසිරි ටික වේලාවකින් හූ හඬ මැද යන්නට වේදිකාවෙන් බැස ඇත. එහිදී ජනතාව අතර සිටි එක් අයෙක් ‘ඔබට කොන්ද පණ තියෙනවාද’ යි අසද්දී කෝප වී ඇති ඇමති දයාසිරි එම පුද්ගලයා සමග ගැටුමකට යද්දී අසල සිටි තවත් පිරිසක් ඇමතිවරයාට පහර දීමට මෙන් වටකරගෙන ඇත.

එහිදී වහා මැදිවක්ව ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සාලින්ද දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් ඇමතිවරයා එක්කරගෙන ගොස් ඔහුගේ රියට නංවා පිටත් කර ඇත. ඔහු පිටත්ව යන තෙක් ජනතාව නොනවත්වා හූ තබා ඇත.

අනතුරව වේදිකාවේදී අදහස් පල කල එහි සිටි භික්‍ෂුන් වහන්සේ නමක් සදහන් කර ඇත්තේ එන මැතිවණරයකදී දයාසිරි ජයසේකර, ඉන්දික බණ්ඩාරනායක ආදීන්ට පඬුවස්නුවර පැත්තටවත් එන්න නොදෙන බවත් කෙසේ හෝ ඔවුන් පරාජය කරවන බවත්ය.