පිළිකා නසන පානය

පිළිකා රෝගවලින් පීඩා විඳින රෝගීන් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර තම ශරීරයේ ඇති පිළිකා සෛල විනාශ කිරීම සඳහා නොයෙකුත් ආහාර වර්ග ගනිති.

කටු අනෝදා, කතුරුමුරුංගා කොළ, කටු පිල, කරපිංචා, මඤ්ෙÆක්‌කා ආදියෙහි පිළිකා නසනගුණ ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය සිදු කර ඇති නවතම පරීක්‍ෂණයකට අනුව කෝපි සහ මොල්ට්‌ පාන වර්ගවල ද පිළිකා නසන ගුණය ඇතැයි අනාවරණය කර ගෙන ඇත. මෙම පිළිකා නසන ගුණය ලබා ගැනීමට නම් එම පාන වර්ග සෙල්සියස්‌ අංශක 60 ට වඩා අඩු උෂ්ණත්වයකින් (600C) පානය කළ යුතුය. සෙල්සියස්‌ අංශක 60 ට වඩා ඉහළ උෂ්ණත්වයක්‌ යටතේ කෝපි හෝ මෝල්ට්‌ වර්ග පානයට යම් අයකු යොමු වේ නම් එවැනි පුද්ගලයන්ට පසුකාලීනව පිළිකා හට ගැනීමේ අවදානම පවතින බව ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතන සඳහන් කරයි.

අප රටේත් කෝපි සහ මෝල්ට්‌ වර්ග පානය කරන පුද්ගලයන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

ලලින්ද්‍ර ගුණවර්ධන