කාත්තාන්කුඩි ප්‍රධාන වීදියේ බස් නැවතුම්පොළ ඉදිරියේ ඇති හෝටලයක උදේ කෑමට ගන්නා ලද ආහාර රෝලයක් තුල පත්තු කරන ලද බීඩියක් හමුවී ඇත.
ආහාරය ගත් පුද්ගලයා පොදු සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට ලබා දුන් තොරතුරට අනුව එම ස්තානයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අදාල ආහාර සැලට සීල් තබා වසා ඇති බවට පොදු සෞඛ්‍ය පරීක්ෂක එම්.රහ්මතුල්ලාහ් පැවසීය.
අදාල පුද්ගලයා හෙට මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම ආහාරය ගත් අය පොලිස් නිලධාරියෙකු වේ.
(මඩකලපුව සමූහ වාර්ථාකරු - ජවුෆර්කාන්)



