ලිංගික අපරාධ CCTV වීඩියෝව මාධ්‍යයට

මහමග ගමන් කරමින් සිටි කාන්තාවක් පිටුපස පැමිණි පුද්ගලයෙකු එම කාන්තාව දූෂණය කිරීමට තැත් කළ ආකාරය දැක්වෙන ත්‍රාසජනක වීඩියෝ දර්ශන පෙළක් CCTV ආරක්ෂිත කැමරා පද්ධතියකට හසු වී තිබෙනවා.

පසුගිය ඉරිදා ඇය මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තේ අළුයම 3.50ට පමණ බව යි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව 34 වැනි වියෙහි පසුවන්නියක්වන අතර ඇයව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයා ඇය පසුපසින් පැමිණ එකවරම ඇයව ග්‍රහණය කරගන්නා අයුරු CCTV වීඩියෝවේ දැක්වෙනවා.


ඔහු අදාළ කාන්තාවගේ ඇඳුම් ඉවත් කර තමන්ට නතු කරගැනීමට උත්සහ කරන නමුත් කාන්තාව ද පෙරළා පොර බැදීමත් සමග ඔහුට එම අපරාධය සිදු කිරීමට ලෙහෙසි වන්නේ නැහැ.

අවසානයේ තමන්ගේ පහත් ආශාවන් ඉටුකරගැනීමට පහසු නොවූ තැන ඔහු කාන්තාව අතහැර පළා යන අයුරු වීඩියෝවේ සටහන් වී තිබෙනවා.

අදාළ අපරාධකරු අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් පොලීසිය පරීක්ෂණ පවත්වන අතර සැකකරු හඳුණා ගැනීම සඳහා අදාළ CCTV වීඩියෝව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් > > >