ගුරුතුමිය සිසුවියගේ අත කඩයි

අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේ පාසලක නවය වසර සී පන්තියේ පන්ති නායිකාවට සෞඛ්‍ය විසය භාර ගුරුවරිය රීප්ප පටියකින් පහර දීමකින් වම් අෙත් අස්ථි බිඳී අතැයි පවසමින් ඇය අකුරැස්ස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පාසලේ ශරීර සුවතා සඳහා නොගොස් පිරිසිදු කිරිම් කටයුත්තක නියැළීම මෙම පහර දිමට ආසන්නතම හේතුව බව සිසුවිය කළ ප්‍රකාශයේ සඳහන් පොලිසිය කියයි.


සිසුවියගේ පියා හා මව පවසන්නේ පාසලේ විනය රැකීමට දරුවන්ට තරවටු කරත් මෙවැනි පහර දීම් නිසා තම දියනිණියගේ අතෙහි අස්තියක් බිඳි ඇති බවට දේශිය වෛද්‍යවරුන් පවසන බවය. මේ සඳහා නීතියේ සරණ හැර වෙන යමක් තමන්ට නොමැති බවත්ය.

ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කළ අකුරැස්ස පොලිසිය පහර දුන් බව කියන පරදුව පදිංචි ගුරුවරිය අත් අඩංගුවට ගෙන මාතර මහෙත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති පො.ප. ටියුඩර් අබේවික්‍රම මහතාගේ මෙහෙයවිමෙන් විවිධ පමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සුරංග ජයතුංග, සැරයන්(22563) ධනපාල යන මහත්වරු විමර්ශන සිදුකරති.

පිටබැද්දර සමුහ ප්‍රියන්ත සෙනරත්