බස් ගාස්තු ඉහළ යන හැටි

ජූලි පළමු වැනිදින සිට සිදුවන බස්ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 08 සිට 09 දක්වාත්, එතැන් සිට පවතින ගාස්තු 06%කින් ඉහළ දැමීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව සිදුකළ ගණනය කිරීම්වලට අනුව ගාස්තු සංශෝධනය විය යුත්තේ 3.2%කින් බවට තහවුරු වී ඇත.

එහෙත් 3.2%ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන නිසා එම ගාස්තුව ප්‍රතික්‍ෂේප කිරීමට බස් සංගම් කටයුතු කර තිබේ.

මේ නිසා ගාස්තුව 6%කින් ඉහළ දමා අවම ගාස්තුව රුපියලකින් ඉහළ දැමීමට තීරණය කර ඇත.