පාසල් සිසුවිය අඹුව ලෙස තබාගෙන

අවුරුදු දාහතරක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ සිය නිවසට කැඳවාගෙන විත් බිරිඳ ලෙස තබාගත් විසිතුන් හැවිරිදි යුද හමුදා සෙබළකු ඉකුත් 24 දා වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාව හා යුද හමුදා සෙබළා අතර පැවැති ප්‍රෙම සම්බන්ධතාවක්‌ මත හමුදා සෙබළා විසින් තරුණිය නිවසට කැඳවාගෙන විත්ඇත.

දැරියගේ මව විසින් වැල්ලවාය පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍ය පරීක්‌ෂාවක්‌ සඳහා දැරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

යුද හමුදා සෙබළා වැල්ලවාය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වැල්ලවාය පොලිස්‌ ස්‌ථානාධිපති විජිත පෙරේරා මහතා පරීක්‌ෂණ පවත්වයි.