අගමැතිකමට රනිල් සුදුසුයි


රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබාදීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ප්‍රකාශ කළද, පාර්ලිමේන්තුව තුළ අපොස සාමාන්‍ය පෙළ අසමත් 94 දෙනකු සිටින බැවින්  එවැනි පුද්ගලයකුට අගමැතිකම ලබා දෙනවාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම මේ අවස්ථාවේ වැදගත් වන බව තමන් විශ්වාස කරන්නේයැයි තමීල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේස්වරන් මහතා දේශයට ප්‍රකාශ කළේය.

පුද්ගලයින් 230ක් අත්අඩංගුවට


ගත වු දින කිහිපය තුළ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පසුගිය 09 වැනිදා සිට මේ දක්වා කාලය තුළ විවිධ චෝදනා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

මන්ත්‍රී ආරක්ෂාව තර කෙරේ


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.

සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්


වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇත.

රටේ ඇතිවුණු තත්ත්වය ගැන හෙළි කරනවා – මහින්ද


තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඇඳිරිනීතිය බ්‍රහස්පතින්දා තෙක් දීර්ඝ කෙරේ


දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දදා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ. පෙර නිවේදනය අනුව එය 11 බදාදා අවසන්වීමට නියමිතව තිබුණත් වෙනස් කර ඇත.

අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්


තම පියා හෝ පවුලේ අය ශ්‍රී ලංකාව හැර ගොස් නොමැති බවත්, කිසිදු අවස්ථාවක රටින් බැහැර යෑමට අදහස් කර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ශෂීන්ද්‍රගේ ගෙදර අළු වෙයි


 හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් සෙවනගල කිරිඉබ්බන් ආර ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදු කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමක්


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ.

ඊයේ ගැටුම්වලින් 06 ක් මරුට / 218 ක් ජාතික රෝහලේ


කොළඹ ඊයේ හටගත් ගැටුම්වලට අදාළව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයන් අතුරින් දෙදෙනකු මියගොස් තිබෙනවා.

යෝෂිත සහ බිරිඳ රටින් යති

අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි, අගමැති පුත්, යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09 දා) අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.
යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ීූ 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරීන් රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

ඇඳිරි නීතිය බදාදා තෙක් දීර්ඝ කෙරේ


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට දින උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ලබන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. මින් ඉහත එය හෙට උදේ ඉවත් කරන බව දන්වා තිබුණත් බදාදාට වෙනස් කර ඇත.

තුවාල ලැබූ ගණන 100 ඉක්මවයි


ජාතික රෝහලෙන් ලැබෙන අලුත්ම ආරංචිය අද පෙරවරුවේ ගෝඨාගෝගමදී සිදුවූ ගැටුම්කාරී තත්වයත් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 130 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ ආව බස් ලිස්ට් එක අහුවේ?


අරලිය ගහ මන්දිරය පිටුපස විනාශ කළ සුපිරි රථයේ තිබී හමු වූ ලියවිල්ල
අරලියගහ මන්දිරය පිටුපස සම්පූර්ණයෙන් විනාශ කර තිබූ සුපිරි ජීප් රථයක් තුළ තිබී වාහන අංක ඇතුළත් ලැයිස්තුවක් විරෝධතාකරුවන්ට හමුවී තිබේ.

මෙවර IPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන්


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 67 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

එම තරගයේ සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අසරණ කරමින් කඩුලු 5ක් දවාගත්තේය.

සජිත්ට ආණ්ඩුව භාරගන්න කියයි


රාජ්‍ය පාලනය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර ඇත.

මහ නාහිමිවරුන්ගෙන් යළිත් ලිපියක්


තමන් වහන්සේලා ජනපති, අගමැති, විපක්ෂනායක ඇතුළු මැති ඇමතිවරුන්ට යොමුකළ ලිපි සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වි ඇති බවත් ඒ පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කරන බවත් සඳහන් කරමින් තෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා තෙවැනි වතාවටත් ලිපියක් යොමුකර තිබේ.

වෙසක් පෝය දා විදුලි කප්පාදුවක් නෑ


එළැඹෙන වෙසක් පොහෝ දින (15 දා) දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

හර්තාලයට දිගින් දිගටම ඉඩ නෑ

රට තුළ හර්තාලයක් දිගින් දිගට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම හර්තාලය නිසා ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩාල වන බවත් ඉන් සිදුවන පාඩුව විශාල බවත් අගමැතිවරයා පැවසීය. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ නිසා අඩාල වී ඇති බවද අගමැතිවරයා කීවේය. නෝමන් පලිහවඩන

ගාලුමුවදොර කසාවතින් වැසේ


අද (07) දින ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා විසින් පාගමනකින් ගාලු මුවදොර අරගල භුමියට වැඩමකළහ.