ඇඳිරි නීතිය බදාදා තෙක් දීර්ඝ කෙරේ


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට දින උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය ලබන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. මින් ඉහත එය හෙට උදේ ඉවත් කරන බව දන්වා තිබුණත් බදාදාට වෙනස් කර ඇත. ඒ අනුව බලය දෙන නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ග,දුම්රිය මාර්ග,පොදු ස්ථාන වල රැඳී සිටීමට කිසිවකුට අවසර නැත.