සජිත්ට ආණ්ඩුව භාරගන්න කියයි


රාජ්‍ය පාලනය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර ඇත. ජනාධිපතිවරයා දුරකථන ඇමැතුමක් මඟින් පෙරේදා (7දා) පෙරවරුවේ විපක්ෂ නායකවරයා අමතමින් මෙම ආරාධනාව කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ තම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් මෙසේ ආණ්ඩුව භාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව වාර්තා වේ. දුරකථන ඇමැතුම කෙටි අදහස් හුවමාරුවකට සීමා වී ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය පක්ෂයේ ජේ‍යෂ්ඨයන් සමඟද සාකච්ඡා කර ඇත.