අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්
තම පියා හෝ පවුලේ අය ශ්‍රී ලංකාව හැර ගොස් නොමැති බවත්, කිසිදු අවස්ථාවක රටින් බැහැර යෑමට අදහස් කර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පුත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කර තිබෙනවා.
" විවිධ කට කතා පැතිරෙනවා අපේ පවුල රටින් පිටව යන්න සුදානම් වෙනවා කියලා. නුමුත් එය සත්‍යයෙන් තොරයි. අප දිගටම ලංකාවේ රැඳී සිටිනවා.
මගේ පියා ආරක්ෂාකාරිව සිටිනවා. ඔහු පවුලේ සාමාජිකයින් සමග කතා කරනවා" යැයි ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ජාවේදී කියා සිටියා.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගියා.
අප්පච්චි රට පනින්නේ නෑ – නාමල්
2022-05-10T18:06:00+05:30
aruna e