කොළඹ ආව බස් ලිස්ට් එක අහුවේ?


අරලිය ගහ මන්දිරය පිටුපස විනාශ කළ සුපිරි රථයේ තිබී හමු වූ ලියවිල්ල
අරලියගහ මන්දිරය පිටුපස සම්පූර්ණයෙන් විනාශ කර තිබූ සුපිරි ජීප් රථයක් තුළ තිබී වාහන අංක ඇතුළත් ලැයිස්තුවක් විරෝධතාකරුවන්ට හමුවී තිබේ.

එම ලැයිස්තුවේ වාහන 13ක අංක සහ එහි හිමිකරුවන්ගේ නම සහ දුරකථන අංකද දැක්නට ලැබේ.

අදාළ ලැයිස්තුවේ බස් රථ අංක රැසක් ද දක්නට ඇත.

විරෝධතාකරුවන් සදහන් කරන්නේ එම බස් රථ වලින් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විවිධ ප්‍රදේශවල සිට අරලියගහ මන්දිරයට පැමිණි බවත්, ඉන් අනතුරුව සාමකාමී අරගලයේ නිරත විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර ගංගාරාම, නවම් මාවත ප්‍රදේශයේ නවතා තිබූ බස් රථ රැසක් එම ස්ථානයෙන් පිටව යාමට උත්සාහ ගැනීමත් සමග ජනතාව විසින් එම බස් රථ වලට ප්‍රහාර එල්ල කරමින් සිටින බව අප වාර්තාකරු සදහන් කරයි.

ND 0071
NA 6867
NB 1771
NA 7316
ND 8404
ND 7593
NB 8085
NC 2703
NB 4993
NB 5816
ND 8316
NC 0958
62-7041
ND 6348
DAF 4275
NB 6202
NC 8170
NB 3814
NB 0577
NB 0312
NB 4788
JD 0388
JU 9666