ඊයේ ගැටුම්වලින් 06 ක් මරුට / 218 ක් ජාතික රෝහලේ


කොළඹ ඊයේ හටගත් ගැටුම්වලට අදාළව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයන් අතුරින් දෙදෙනකු මියගොස් තිබෙනවා.

අරලිය ගහ මන්දිරයට අනුයුක්ත පොලිස් නිළධාරියෙකු සහ වයස අවුරුදු 80 ක අයෙකු ඒ අතර වන බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කලේ.

එම 80 හැවිරිදි තැනැත්තා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් වැළඳීමෙන් බවද ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු තහවුරු කලා.

මේ අනුව ඊයේ දිනය තුළ ප්‍රචණ්ඩ සිදුවිම්වලට අදාළව සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ යනු ඇති.

ගාලුමුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ගැටුම්වලින් තුවාල ලැබූ 218 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.