May102022
ශෂීන්ද්‍රගේ ගෙදර අළු වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් සෙවනගල කිරිඉබ්බන් ආර ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදු කර තිබේ.එම ප්‍රහාරයෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවස තුල තිබූ ගෘහ භාණ්ඩ ද ගිනි තබා විනාශ කර ඇත.
මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව පොලිසිය විසින් තහවුරු කර ඇති බවත් ඉතාමත්ම සාමකාමී වතාවරනයක් සෙවනගල ප්‍රදේශයේ අද උදෑසන වන විට පවතින ආකාරය දක්නට ලැබිණ.
ජයන්ත වීරසේකර
වැල්ලවාය