ගාලුමුවදොර කසාවතින් වැසේ


අද (07) දින ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා විසින් පාගමනකින් ගාලු මුවදොර අරගල භුමියට වැඩමකළහ. පාගමණින් ගාලු මුවදොර අරගල භූමියට පැමිනි භික්ෂූන් වහන්සේලා 29 වන දිනටත් පැවැත්වෙන අරගලයට සහය දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළදී විරෝධතාවයක්ද පැවැත්වූහ. මෙම පාගමනට පෙර ජාතික භික්ෂු පෙරමුණ විසින හියිඩ් පිටියේදී “74 වසරක් සාපය නිමා කරමු! ජනතාවාදී පාලනයක් ගොඩනගමු!” යන තේමාවෙන් භික්ෂු රැලියක්ද පැවැත්වූහ.