දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමක්


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පිරිසකගේ ප්‍රහාරයට ලක්වී තිබේ. මිට සුළු මොහොතකට පෙර පෙරහර මාවතේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇති අතර ඔවුන් පැමිණු වාහනයට අලාභ හානි සිදු කර ඇතැයි පොලිසිය කියයි. යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.