මහ නාහිමිවරුන්ගෙන් යළිත් ලිපියක්


තමන් වහන්සේලා ජනපති, අගමැති, විපක්ෂනායක ඇතුළු මැති ඇමතිවරුන්ට යොමුකළ ලිපි සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වි ඇති බවත් ඒ පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කරන බවත් සඳහන් කරමින් තෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා තෙවැනි වතාවටත් ලිපියක් යොමුකර තිබේ.

එසේම ජනතාව මේ වන විට දැඩි අසිරුතාවකට පත්ව ඇති අවස්ථාවක මහජන නියෝජතයන් පාර්ලිමේන්තුවට පැමිණ මහජන මුදල් මිලියන ගණන් වැය කරමින් සිය පක්ෂ දේශපාලන උවමානාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් උන්වන්සේලා පෙන්වා දෙති.

වත්මන් ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙටි කාලයකට ස්ථාපිත කළ යුතු බවත් උන්වහන්සේලා වැඩිදුරටත් සිය ලිපියෙන් පවසති.‌

චමිල් රූපසිංහ/ෂේන් ‌සෙනෙවිරත්න

මහානායක හිමිවරුන් යොමුකළ ලිපිය.