වෙසක් පෝය දා විදුලි කප්පාදුවක් නෑ


එළැඹෙන වෙසක් පොහෝ දින (15 දා) දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.වෙසක් දිනට පසු දින (16 දා) විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකර සිටීමට උත්සාහ කරන බවත් එය 15 වැනිදා මහජනතාවගේ විදුලි පරිභෝජනය කිරීම සැලකිල්ලට ගෙන තීරණය කරන බවත් ඒ මහතා කීවේය.

වෙසක් පොහෝ දිනයේදී ද තොරණ, වෙසක් කූඩු අසීමිත ලෙස නොදැල්වීම ඇතුළු විදුලිය භාවිතා කිරීම් අවම කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රත්නායක මහතා සඳහන් කළේය.

දැනට පවතින විදුලිය විසන්ධි කිරීම පැය 03 යි විනාඩි 20කට සීමා කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා