මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි. මෙහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 1.14කි.
දින විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා
මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි. මෙහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 1.14කි.
ශිරන්ති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයයි
අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මාවනැල්ල අලුත්නුවර සුප්‍රසිද්ධ දැඩි මුණ්ඩ දේවාලයේ භාරයක් සිදු කරන්නට පසුගිය 30 වනදා පැමිණි බවට සමාජ මාධ්‍ය ආරංචි වාරතා කරයි. ඇය දේවාලයට පැමිණි අවස්ථාවේ එහි සිටි අයෙකු ලබාගත් ඡායාරූපද සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව ඇත. ඇයගේ පැමිණීම අවස්ථාවේ ටික දෙනෙකු පමණක් ආරක්ෂකයින් ලෙස පැමිණි බවත් වාර්තා විය. මේ අතර ඇය ආසන්න කාලයේ දළදා මාළිගාවටද ගමන් කළ බවට වාර්තා පළව ඇත.
ජනපති ආරක්ෂාව තර කෙරේ
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇත.
මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල යටතේ වන ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර තිබේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් ජනතාව අසරණ වෙති
කිරිපිටි, පාන්පිටි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, ඉන්ධන හා භූමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තව තවත් ඉතා අන්ත අසරණභාවයට පත්ව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඊයේ (04 දා) පැවසීය.
මූලික අවශ්‍යතා සඳහාවත් ආණ්ඩුව විසඳුම් ලබා නොදීම කනගාටුදායක බව ද හෙතෙම කීය.
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ශ්‍රී ලංකාවට දෙයි
තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්රදානය කිරීමට තීරණය කර තිබේ.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.
කපුටකු වීම ගැන ලැජ්ජා වෙනවා

පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස් දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ගුවන් තොටුපොළවල VIP පර්යන්ත සේවා නවතා දැමේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මෙරට සියලු ගුවන් තොටුපළවල්වල ප්‍රභූ (VIP) පර්යන්ත සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (06) දින සිට නවතා දැමීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
හර්තාලයට සංවිධාන 2000ක් එකතු වෙයි
හෙට (06 ) දින පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාල් ව්‍යාපාරය සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසකට අධික සංඛ්‍යාවක් සහාය පළ කිරීමට සුදානම්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසනවා.
මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන, බැංකු මෙන්ම ඇඟලුම් ක්ෂේත්රයේ නිරත පිරිස් ද එක්වන බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන, බැංකු මෙන්ම ඇඟලුම් ක්ෂේත්රයේ නිරත පිරිස් ද එක්වන බවයි ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
අනුරට එරෙහිව යෝෂිත නඩු මගට
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.
ඒ ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි .
ඉල්ලා අස්වෙන්න අදහසක් නෑ - මහින්ද
අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතත් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැන්වුවහොත් ඊට පිටු පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03 දා) පැවසීය.
දිවයින කළ ප්‍රශ්න කිරීමට අගමැතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.
ප්රශ්නය – ඔබ අද ඉල්ලා අස්වූ පසු නව අගමැතිවරයා කවුද?
පිළිතුර – කවුද ඔබට මා ඉල්ලා අස්වෙන බව පැවුසවේ?
ප්රශ්නය – අද රටේ හැමෝම මේ ගැන කතා බහ කරනවා.
දිනක්ෂි සැඟවූ දියණියගේ රුව මෙන්න
කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන රංගන ශිල්පින් යුවළක් තමයි දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේත් බොහෝ විට සිය පෞද්ගලික තොරතුරු සමාජගත කරන්නට මොවුන් සමත් කිව්වොත් හරියටම හරි. ඒ නිසාම මොවුන්ගේ අනුගාමිකයින් අතර මෙම යුවලම ප්‍රසිද්ධයි. කෙසේ නමුත් මේ ප්‍රසිද්ධියට හිමිකම් කියන්න තවත් සුරතල් දියණියක් ඔවුන්ගේ පවුලට එකතු වුණේ මොවුන් දෙදෙනාට මව් – පිය පදවි උරුමකර දෙමින්.
සටන් නළු විල්සන්කරු දිවි සැරිය නිමා කරයි
සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්යක්ෂවරයකු වූ විල්සන් කරු අභාවප්‍රාප්ත වී තිබේ. 1942 වසරේ උපත ලැබූ විල්සන් කරුණාරත්න කලක් අසනීප තත්වයෙන් පසුවිය.
යෝෂිතගේ File එක අනුර කියවයි
අද (3) පැවති දූෂණ විරෝධී හඩ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා යොෂිත රජපක්ෂගේ ෆයිල් එක අතට ගෙන මධ්‍ය ඉදිරියේ එය කියවූයේ මෙසේය.
''යෝෂිත රාජපක්ෂගේ ඉඩම් ලියිස්තුව...සිරි බෝපුර කැලය ඔප්පු අංක 4129 ඉඩම් ප්‍රමාණය හෙට්ටයාර් .05යි,රුපියල් මිලියන 1.6යි,මියලදී ගත්ත ඉඩම්.සිරි බෝපුර කැලය ඔප්පු අංක 4130 රුපියල් මිලියන 1.6කට ගත්ත මිල දන්නවගේ ඔප්පු ලියනකොට.
ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන200ක ණයක් ගනියි
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට එකඟ වී ඇතැයි බලශක්ති ඇමති කාන්චන විජේසේකර ප්‍රකාශ කරයි. ඇමති කාන්චන විජේසේකර මේ බව පවසා ඇත්තේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
මැයි මාසයේදී ඉන්ධන තොග රැගත් නැව් 04 මෙරටට ලඟාවීමට නියමිත බවද ඔහු එහිදී පවසා ඇත. ඉන්දියාව මේ වනවිට ඉන්ධන තොග ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක සම්පූර්ණ ණය මුදලක් ලබාදුන් බවත් ලංකා රජය විසින් තවත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා පවසයි.
අගමැති මහින්ද ඉවත්වෙයි?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.
අග්‍රමාත්‍යවරයා ඉවත්වුවහොත් අමාත්‍ය මණ්ඩලයද අහොසි වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමටද සමගි ජන බලවේගය තිරණය කර තිබේ.
මහින්දානන්ද කඩේකට ගොස් වෙළෙන්දාට ගහලා
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පහරදුන් බව කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් වී තිබෙනවා.
ඔහු වැටකේදෙණිය සමගි ජනබලවේග කොට්ඨාශ නායක චන්දන ශාන්ත කුමාර නමැත්තෙකු බවයි වාර්තාකරු සඳහන් කළේ.
කන්න නෑ, පොහොර නෑ, 60 හැවිරිදි පියා එල්ලී මරුට
ආර්ථික පීඩනය දරාගත නොහැකිව හැට හැවිරිදි පියෙකු ගෙල වැල ලාගෙන මියගොස් ඇති අතර මෙලෙස මරණයට පත්වූ පුද්ගලයා ගල්ගමුව - වලස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා තම ජීවිකාව ලෙස පුහුල් වගාවක් කරගෙන ගොස් ඇති අතර තෙල් පොහොර නොමැතිකම නිසා එයද අසාර්ථක වී තිබේ.
ජැකලින්ගේ කෝටි 7ක ගිණුම අත්හිටුවයි
ශ්‍රී ලාංකික සුරුපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක පරීක්ෂණවලට අදාළව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
සරනාගතයින් ලෙස රට පැනීම 30%කින් වැඩිවෙලා
ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද 30%කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.
විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් මෙම පැනයෑම සුලභව සිදුවන හෙයින් බොහෝ මුහුදු කලාපයන්හි නාවික රැකවල් මෑතක සිට තවත් වැඩි කර ඇතැයි නාවික හමුදාව පවසයි.
ඖෂධ වර්ග 60ක මිල ඉහළට
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුවයි.
ඊට අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති.


















