අනුරට එරෙහිව යෝෂිත නඩු මගට

 


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.

ඒ ඊයේ (03) දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි .

යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇඇති බව එම නිවීදනයේ වැඩිදුරටත් සඳහන් වේ.