ශිරන්ති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයයි


අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මාවනැල්ල අලුත්නුවර සුප්‍රසිද්ධ දැඩි මුණ්ඩ දේවාලයේ භාරයක් සිදු කරන්නට පසුගිය 30 වනදා පැමිණි බවට සමාජ මාධ්‍ය ආරංචි වාරතා කරයි. ඇය දේවාලයට පැමිණි අවස්ථාවේ එහි සිටි අයෙකු ලබාගත් ඡායාරූපද සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව ඇත. ඇයගේ පැමිණීම අවස්ථාවේ ටික දෙනෙකු පමණක් ආරක්ෂකයින් ලෙස පැමිණි බවත් වාර්තා විය. මේ අතර ඇය ආසන්න කාලයේ දළදා මාළිගාවටද ගමන් කළ බවට වාර්තා පළව ඇත. දැඩිමුණ්ඩ දේවාලය වඩාත් ප්‍රකටව ඇත්තේ සිතන පතන දේ ඉෂ්ට කර ගැනීම, සතුරන්ගෙන් පලිගැනීම වැනි භාරහාර සදහාය.