කන්න නෑ, පොහොර නෑ, 60 හැවිරිදි පියා එල්ලී මරුට


ආර්ථික පීඩනය දරාගත නොහැකිව හැට හැවිරිදි පියෙකු ගෙල වැල ලාගෙන මියගොස් ඇති අතර මෙලෙස මරණයට පත්වූ පුද්ගලයා ගල්ගමුව - වලස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා තම ජීවිකාව ලෙස පුහුල් වගාවක් කරගෙන ගොස් ඇති අතර තෙල් පොහොර නොමැතිකම නිසා එයද අසාර්ථක වී තිබේ.

එමෙන්ම වත්මන් ආහාර අර්බුදය හේතුවෙන් ආහාර පාන පවා නිසි පරිදි සපයාගැනීමට නොහැකිවීම නිසා, මොවුන් කලක පටන් ජීවත්ව ඇත්තේ, අතිශය අසීරු තත්වයකිණි.

පසුගිය 29 වෙනිදා උදෑසන නිවසින් පිටව ඇති මොහු සවස් වන තුරුම නිවසට නො ආ බවත් පවසන ඔහුගේ බිරිඳ, තමන් ඒ බව මිනිබිරියට දන්වා සිටි බව සඳහන් කරයි.

මිනිබිරිය හේනට ගොස් විපරම් කිරීමේ දී මියගිය පුද්ගලයාගේ සිරුර හමුවීතිබේ.