මහින්දානන්ද කඩේකට ගොස් වෙළෙන්දාට ගහලා


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පහරදුන් බව කියන පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඔහු වැටකේදෙණිය සමගි ජනබලවේග කොට්ඨාශ නායක චන්දන ශාන්ත කුමාර නමැත්තෙකු බවයි  වාර්තාකරු සඳහන් කළේ.

නාවලපිටිය ආසනයේ වැටකේදෙණිය ප්‍රදේශයේ මිරිස් පැළ බෙදාදීමේ වැඩසටහනකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ සම්බන්ධ වී පැමිණෙමින් සිටින අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙලෙස පහරදුන් බවටයි ඔහු චෝදනා කරන්නේ

මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ සිද්ධියට මුහුණපෑමට සිදුව ඇත්තේ තම ලේකම්වරයෙකුට බවයි.

කෙසේ වෙතත් මිට සතියකට පෙරද අමාත්‍යවරයාගේ ලේකම් වරයා තරුණයන් දෙදෙනෙකුට පහර දීතිබුණා.