දිනක්ෂි සැඟවූ දියණියගේ රුව මෙන්න


කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන රංගන ශිල්පින් යුවළක් තමයි දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේත් බොහෝ විට සිය පෞද්ගලික තොරතුරු සමාජගත කරන්නට මොවුන් සමත් කිව්වොත් හරියටම හරි. ඒ නිසාම මොවුන්ගේ අනුගාමිකයින් අතර මෙම යුවලම ප්‍රසිද්ධයි. කෙසේ නමුත් මේ ප්‍රසිද්ධියට හිමිකම් කියන්න තවත් සුරතල් දියණියක් ඔවුන්ගේ පවුලට එකතු වුණේ මොවුන් දෙදෙනාට මව් – පිය පදවි උරුමකර දෙමින්.
මේ දියණියගේ නම සාරන්‍යා දිසාසේකර කියලයි සඳහන් කර තිබුණේ. සමාජ මාධ්‍යට එක් කරන දියණියගේ කිසිදු ඡායාරුපයක මුහුණ පෙන්වීමට ඔවුන් කටයුතු කළේ නැති නමුත් සාරංගගේ මව වන තිලකා රණසිංහ මහත්මිය විසින් දියණියගේ මුහුණ පෙනෙන ආකාරයේ ඡායාරූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා.

මේ වන විට එය ඉවත් කර තිබෙනවා. ඔවුන්ගේ සමාජ මාධ්‍ය අනුගාමිකයින් පිරිස ඊට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් දක්වා තිබෙනු ද දැකගත හැකි වනවා. ඇතැමුන් කියා සිටින්නේ මේ හේතුවෙන්, නැන්දම්මා වන තිලකා රණසිංහ දිනක්ෂිව පුදුම කර ඇති බවයි.