සටන් නළු විල්සන්කරු දිවි සැරිය නිමා කරයි


සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු වූ විල්සන් කරු අභාවප්‍රාප්ත වී තිබේ. 1942 වසරේ උපත ලැබූ විල්සන් කරුණාරත්න කලක් අසනීප තත්වයෙන් පසුවිය. ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය. ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට රංග‍නයෙන් මෙන්ම සටන් අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. 1974 වසරේදී සිනමා කෂේත්‍රයට පිවිසි ඔහු හදවත් නැත්තෝ, ජීවන ගංගා, සූර දූතියෝ, සංජානා, දඩබිම‍ සහ එදත් චණ්ඩියා – අදත් චණ්ඩියා ඇතුළු චිත්‍රපට 240කට අධික සංඛ්‍යාවකට විල්සන් කරුණාරත්න සිය රංගන දායකත්වය දක්වා තිබේ.