ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන200ක ණයක් ගනියි


ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට එකඟ වී ඇතැයි බලශක්ති ඇමති කාන්චන විජේසේකර ප්‍රකාශ කරයි. ඇමති කාන්චන විජේසේකර මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

 මැයි මාසයේදී ඉන්ධන තොග රැගත් නැව් 04 මෙරටට ලඟාවීමට නියමිත බවද ඔහු එහිදී පවසා ඇත. ඉන්දියාව මේ වනවිට ඉන්ධන තොග ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක සම්පූර්ණ ණය මුදලක් ලබාදුන් බවත් ලංකා රජය විසින් තවත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා පවසයි.