යෝෂිතගේ File එක අනුර කියවයි


අද (3) පැවති දූෂණ විරෝධී හඩ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා යොෂිත රජපක්ෂගේ ෆයිල් එක අතට ගෙන මධ්‍ය ඉදිරියේ එය කියවූයේ මෙසේය.

''යෝෂිත රාජපක්ෂගේ ඉඩම් ලියිස්තුව...සිරි බෝපුර කැලය ඔප්පු අංක 4129 ඉඩම් ප්‍රමාණය හෙට්ටයාර් .05යි,රුපියල් මිලියන 1.6යි,මියලදී ගත්ත ඉඩම්.සිරි බෝපුර කැලය ඔප්පු අංක 4130 රුපියල් මිලියන 1.6කට ගත්ත මිල දන්නවගේ ඔප්පු ලියනකොට...සිරි බෝපුර කැලය ඔප්පු අංක 4132 රුපියල් මිලියන  1.6 ඉඩම..ඕබිට්‍ට්‍රක් රථය රුපියල් මිලියන 80යි,බත්තර මුල්ල ප්‍රදේශයේ CSN නාලිකාව තිබෙන ගොඩනැගිල්ල රුපියල් මිලියන 200යි,2014-02-03 වන දින මිලදීගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කය මාගම්පොත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සාලියපුර ග්‍රාමසේවා වසමේ සිරිබෝපුර කැලේ නැමති රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම ,2014-05-11 වන දින මිලදී ගනු ලැබු 4133 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයෙ ඉඩම .....

මේ බලන්න මේ වගේ මමහිතන්නේ 31 වගේ තියනවා ස්ථාන ඔහුගෙ නමින් හා ඔහුගේ ආච්චිගේ නමින් ඉඩම්...ඒකේ තව අමතර වශයෙන් තියෙනවා කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ කරපු සමස්ථපරික්ෂණ වාර්තාව තියෙනවා.මේක ඉඩමනාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක් මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් පවරාදෙනු ලැබුවේ  රාජපක්ෂ පදනමට.රාජපක්ෂ පදනම පුණ්‍යායතනයක් විදිහට තමයි ලියාපදිංචි කරලා තිබුණේ.එතකොට පුණ්‍යායතනයක ඉඩම් කොහොමද පුණ්‍යායතනයක් වෙනුවෙන් පවරා දුන්නා පුණ්‍යකටයුතු සඳහා රාජපක්ෂලාට...පුණ්‍යකටයුතු සඳහා ලබාදුන්න ඉඩම එන්තිමට මොක උනේ ඒකේ තමයි කාල්ටන් ටීවි නාලිකව ආරම්භ කරන්නේ....එකේ වටිනාකම මිලියන 200ඉක්මවා යනවා..මෙහෙම තමයි රජයේ දේපළ පාවිච්චි කරලා තිබුණේ.

මේ පිළිබඳ පරික්ෂණ අරඹලා තියෙනවා.ඊට අමතරව නාලිකාව ආරම්භ කිරීම සඳහා දරණ ලද වියදම් කොහේද ඒ වියදම් උපයාගත්තේ කොහොමද කියන කරුණු පිළිබදව ‍මේකේ සමස්ථ වාර්තාවක් තියෙනවා.ඒ නිසා මේක හරි පැහැදිලි මුදල් විසුද්ධි කරන පණත යටතේ නඩු පවරන්න පුළුවන්.''