රටට ගෑස් ගන්න විට 10 දෙනෙකුට කොමිස්?


මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනකුට කොමිස් ලබාදීමට සිදුවීම නිසා යැයි අනාවරණය වී ඇත.

රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත.

යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ.

අන්තර්වාර රජයකත් අගමැති මමයි


අන්තර්වාර රජයකත්  අගමැතිවරයා තමා බව  අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේ‍ය.

රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක


හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය.

තෙල් බවුසරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට


ඉන්ධන බවුසරයට ගිනිතැබීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රියේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක්වය.

ඔහු රඹුක්කන ධර්මපාල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ශ්‍රී ලංකාවේ උද්ධමනය වාර්තාගත වැඩිවීමක


මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය 21.5% ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාර්තු මාසයට අදාළව නිකුත් කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශන (NCPI) වාර්තාවේ මේ බව සඳහන්ය.


ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව සඳහන් කරන්නේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල සිදුවූ සීඝ්‍ර මිල වැඩිවීම මෙම තත්වයට හේතු වූ බවයි. ආහාර කාණ්ඩයේ මිල වැඩිවීම 29.5% ක් වන අතර ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ මිල ඉහළයාම 14.5%ක් බව එහි සඳහන්ය.

කිරිපිටි මිල යළි ත් ඉහළ යන ලකුණු


ආනයනික කිරිපිටි මිල ලබන සතියේදී බෙහෝ දුරට ඉහළ දමනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා  ප්‍රකාශ කර සිටියේ, මේ වන විට කිරිපිටි තොග අවසන් බව ත් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බව ත් ය.

ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500 ක්


ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පවසා තිබෙනවා.

අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ බංග්ලාදේශයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පළ කර ඇති බවයි. රොයිටර් පුවත් සේවය වාර්තා කර  ඇත්තේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් ඒ පිළිබද ඊයේ දිනයේ ප්‍රකාශ කළ බවයි.

බහලූම් ප්‍රවාහන ගාස්තු 65 % කින් ඉහළට


බහලූම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දැමීමට එක්සත් ලංකා බහාලූම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේ ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම ඊට හේතුව බවයි. ඩොලරයේ අගය ඉහළ යාම මීට ප්‍රධාන හේතුව බවත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක බවත් ඔහු කියාසිටියා.

පිල්ලෙයාන්ටත් රාජ්‍ය ඇමතිකමක්


නව රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ය. මෙහිදී අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

රඹුක්කනට පොලිස් ඇඳිරිනීතිය


රඹුක්කන පොලිස් බලප්‍රදේශය සඳහා පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ රඹුක්කන ප්‍රදේශයේ පවතින තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බවය.

එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

බස් ගාස්තු සියයට 35 ඉහලට


ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහල නැංවීමට තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ රුපියල් 20ක් ව තිබු අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහල යනු ඇති බවයි. මෙම මිල ඉහල යාම සෑම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා අදල වන බවද ඔහු පැවසීය

රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙති


රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම්දීම මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මන්දිරයේදී සිදු විය. අද (18) පත්වුණු කැබිනට් නව අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය පාලන කටයුතු සඳහා සම්බන්ධ වන විවිධ විෂය පථයන්ට අයත් වන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පත්වීම් ලබා ඇත.

උගන්ඩාවට ඩොලර් ගෙන ගිය කතාව සම්පූර්ණ බොරු


ගුවන් යානා තුනකින් ඩොලර් උගන්ඩාවට ගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි නීති කටයුතු පිළිබඳ හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

රේගු දෙපාර්තමේන්තුවෙන් ගත් තොරතුරුවලට අනුව එම ගුවන් යානා මගින් උගන්ඩාවට ගෙන ගොස් ඇත්තේ මෙරට පිහිටා ඇති විදෙස් සමාගමක් මගින් මුද්‍රණය කළ උගන්ඩාවේ මුදල් ඒකකය වන ශිලිංග්ස් යැයිද පෙන්වා දෙන ඒ මහතා ‘ඩි ලාරූ’ නමැති මෙම බ්‍රිතාන්‍ය සමාගම සිය කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවා වසර 30ක් වන බවද පැවසීය.

සරත්ට සහ ඩලස්ට ඇමති ධූර එපා ලු


රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එම ෆේස්බුක් සටහනේ වැඩිදුරට ත් දැක්වෙන්නේ, තමා රටේ ඒකීයභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ඉදිරියට ත් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන බව ය.

LIOC පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ත් ඉහළට


අද (අප්‍රේල් 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමනු ලැබ තිබේ.

ඒ අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ ගොස් ඇත.

තව ද සියලු ම පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේම

ඒ අනුව සංශෝධිත මිල ගණන් මෙසේයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපස ආලෝකවත් වූ හැටි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපස කොටස go home gota යන වදන ප්‍රදර්ශනයවන ආකාරයට ආලෝකවත් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් ..

ගෝඨාගෝගම ශාඛාවක් මහනුවරටත් යයි

 


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවති විරොධතාවක් මහනුවර නගරයේදී පැවැත්වුණි.

මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ආරම්භ කෙරුණු එම ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතාව කොළඹ ගාලුමුවදොර විරෝධයට සමගාමීව දිවා රාත්‍රි දෙකෙහිම පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි එක්වු විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කර සිටියි.

හෙට සිට රාත්‍රී විදුලි කැපිල්ල යළි ත්


හෙට (අප්‍රේල් 18) දිනයේ සිට අප්‍රේල් 20 වන දා දක්වා විදුලි කප්පාදු සිදු කෙරෙන කාල සටහන ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, හෙට දිනයේදී A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එමෙන් ම, එම කාලපයට අයත් ප්‍රදේශවලට නැවතත් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

පිරිමින්ට මුල්වරට උපත් පාලන පෙත්තක්!


මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කර ඇති අතර එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබේ. පර් ෙය්ෂකයන්ට අනුව, වසර අවසන් වන විට මෙහි මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කළ හැකිය.

නව පෙත්ත තුළ භාවිත රසායනය ශුක්‍රානු නිෂ්පාදනය හා සාරවත් බව සමඟ සම්බන්ධ වන විටමින් A ආකාරයක් ලබාගන්නා ශරීරයේ ප්‍රෝටීනයක් ඉලක්ක කර ක්‍රියා කරයි. එය මගින් ක්ෂීරපායීන්ගේ සශ්‍රීකත්වයට සහ පුරුෂභාවයට තීරණාත්මක ලෙස බලපාන එම විටමින් A ආකාරය සමඟ ප්‍රෝටීනය බන්ධනය වීම අවහිර කරයි.

බැසිල්ට කොරෝනා

 


කොවිඩ් රෝගය ආසාදනයවීම නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.