සරත්ට සහ ඩලස්ට ඇමති ධූර එපා ලු


රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එම ෆේස්බුක් සටහනේ වැඩිදුරට ත් දැක්වෙන්නේ, තමා රටේ ඒකීයභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර ඉදිරියට ත් රට සහ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන බව ය.

මේ අතර, හිටපු කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද කැබිනට් අමාත්‍ය ධූර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත