LIOC පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ත් ඉහළට


අද (අප්‍රේල් 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමනු ලැබ තිබේ.

ඒ අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ ගොස් ඇත.

තව ද සියලු ම පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේම

ඒ අනුව සංශෝධිත මිල ගණන් මෙසේයි.

අයි.ඕ.සී ඔක්ටේන් (92) පෙට්‍රල් නව මිල රුපියල් 338ක් ලෙස ද, ඔක්ටේන් (95) රුපියල් 367ක් ලෙස ද සටහන් වනවා.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ, නව මිල වැඩිවීම රුපියල් 75කින් වැඩිවීමත් සමගයි.

ප්‍රිමියම් ඩීසල් ලීටරයක මිල ද නව සංශෝධනයකට ලක් වන්නේ, රුපියල් 295ක් ලෙසයි.