රඹුක්කනට පොලිස් ඇඳිරිනීතිය


රඹුක්කන පොලිස් බලප්‍රදේශය සඳහා පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ රඹුක්කන ප්‍රදේශයේ පවතින තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බවය.

එය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.

ඇඳිරිනීතිය කඩකිරීම මහජන සාමය පවත්වාගෙන යෑමට සිදුකරන බාධාවක් සේ සලකා කටයුතු කරන බවද පොලීසිය විසින් රඹුක්කන ප්‍රදේශයේ ජනතාවට දැනුම්දෙයි.රඹුක්කන හරහා ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග තෝරාගත යුතු බවද පොලීසිය දැනුම්දෙයි.