පිල්ලෙයාන්ටත් රාජ්‍ය ඇමතිකමක්


නව රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ය. මෙහිදී අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත. ඒ අනුව, සුරේන් රාඝවන් මහතා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා තරුණ සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද මොහමඩ් මුෂාරෆ් මහතා පේෂ කර්මාන්ත සහ දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී තිබේ.