සතුට තිබෙන්නේ තමන් තුළ බව බොහෝ දෙනා හිතන්නේ නැහැ. අනුන්ගෙන් සතුටු වෙන්න බලා ඉන්න අයට ජීවිතේ සතුට කියන්නේ හුඟක් දුර දෙයක්. ඔබ කරන කියන වැඩ තුළින් සතුටු වෙන්න ඉගෙනගැනීම තුළින් ජීවිතය හුඟක් ලස්සන වෙනවා. ලැබූ 2018 අවුරුද්දේ ජීවිතයට අලූත් බලාපොරොත්තු පුරවාගෙන මේ ක‍්‍රියාකාරකම් හි නියැළුණොත් ඔබට මගහැරුණු සතුට නැවත හමුවෙනවා සත්තයි.
අගමැති රනිල් රංගනයේ යෙදුණු වීඩියෝව
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති උත්සවයකට එක්ව තිබෙනවා.ඒ මංගල අවස්ථාවක් සඳහායි.එම අවස්ථාවේ ඔහු සියල්ලන් සමග සතුටු වෙමින් සිටින වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.
බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප්‍රකාශය පිළිගන්න එපාලු
බැඳුම්කර කොමිසම විසින් සකස්කළ වාර්තා ජනතාවට බලා ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය වසරේ ලොව හෙල්වු සල්ලිකාරයෝ
ධනවතෙකු වීම මේ කාලයේ බොහෝ දෙනෙකු තුළ ඇති ලොකුම සිහිනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ධනවතුන් වන්නට මෙන්ම ධනවතුන් ගැන කියවන්නටද මේ බොහෝ දෙනෙකු කැමැත්ත දක්වන බව රහසක් නොවේ. මේ සමග පළවන්නේ 2017 වසරේ ධනවතුන් ගැන මේ වනවිට පළවී ඇති තොරතුරු බිඳකි.
2017 වසර අවසන් වනවිට ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයා කවුද කියා දැනගන්නට කවුරුත් කැමැති වනු ඇත. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය වැනි වාර්තාවන්ට අනුව 2018 ජනවාරි මුල වනවිට මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ජෙෆ් බෙසෝස් නමැති ව්‍යාපාරිකයායි.
ක්‍රීඩකයන්ගේ මනස හදන්න මනෝ වෛද්‍ය ජොන්සි අද එයි
දිගින් දිගටම පරාජයේ වේදනාවෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එළැඹෙන බංග්ලාදේශ සංචාරයට පෙර මානසිකත්වය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන පිල් ජොන්සි මහතා අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි
ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කරන බවත් ෆයිට කැන්සර් කණ්ඩායමේ නායක, කඩීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි.
ජර්මනියේ නිෂ්පාදිත මෙම පෙට් ස්කෑනරයේ වටිනාකම කෝටි 22ක් පමණ වෙන බවත්, එය ලෝකයේ දැනට ඇති හොඳම පෙට් ස්කෑනරය බවත් ඔහු සඳහන් කළේය.
රජිනකාන්ත් දේශපාලනයට
තමාගේම පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනකාන්ත් තීරණය කර තිබේ. ඔහු අඛණ්ඩව ප්‍රකාශ කළේ තමන් දේශපාලනයට පිවිසීම ගැන අවසන් තීන්දුව දෙසැම්බර් 31දා ගන්නා බවයි.
ඒ අනුව ඊයේ (31දා) ඔහු ප්‍රකාශ කළේ තමන් 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු මැතිවරණයට තමන්ගේම පක්ෂයකින් තරග කරන බවයි.
විවේක ගැන්වූ හේතුව දන්නේ නෑ - මාලිංග
ඉන්දීය තරගාවලියෙන් හා බංග්ලාදේශ තරගාවලියෙන් තමන් විවේක ගැන්වූ හේතුව තවමත් තමන් නොදන්නා බවත් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ පැවැති පළමු පුහුණුවට තමන් දැළ තුළ පන්දු යවන්නෙක් වශයෙන් එක්වූ බවත් ලසිත් මාලිංග පවසයි.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
බැඳුම්කර කොමිසමේ වාර්තාව මෙන්න
මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද (30දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබිණි.
එක්දින පිලේ නායකත්වයට හතුරුසිංහ-ලැබ්රෝයි හැප්පෙති
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි අතර ශ‍්‍රී ලංකා එක්දින පිලේ නායකයා පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවත් නිර්මාණය වී ඇති බව පසුගිය සතියේ දැනගන්නට ලැබුණි. එම ගැටුම මේ වනවිට ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු වෙතට යොමු වී ඇති බව වාර්තා වේ.
කොලෙස්ටරෝල් බස්සන වදමල් යුෂ
වද මල් යුෂ අපි එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. වදමල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන බව තායිවාන පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී තිබෙනවා.
වදමල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට (Antioxidants) රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව “ලිපොප්‍රෝටීන” (LDL) ප‍්‍රමාණය අවම කළ හැකි බව ඉහත පර්යේෂණය මෙහෙයවූ චූං ෂාං වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ජොං වැං පවසනවා.
අමන්දා සිල්වා යුග දිවියට
පසුගිය කාලයේ අකිල ධනුද්දර සමග පෙම් සබඳතාවයක් පැවති හා පසුව එය බිඳීගිය බවට වාර්තා පළවූ නිරූපණ ශිල්පිනී අමන්දා සිල්වා ඊයේ යුග දිවියට එළැඹ තිබේ. ඇය අත ගත්තේ බ්‍රයන් පෙරේරා නමැති ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සමගිනි.
2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෝලි - අනුෂ්කා විවාහයට සහභාගී වුණු අපේ කොල්ලා - Photos
ta bkaÈhdfõ uqïndhs ysÈ'iqmsß fnd,sjqâ k¿ ks<shka yd iqmsß bka§h l%Svlhka fï W;aijhg iyNd.S ù isá w;r Y%S ,dxlslfhl=g;a tu W;aijhg iyNd.S ùfï Nd.H WodjqKd'
ta Y%S ,xld l%Svd f,da,sfhl= jk .hdka fiakdkdhl yg'l%slÜ j,g wdorh lrk flda,s l%slÜ j,g wdorh lrk .hdkag;a ;ukaf.a újdy W;aijfha m%S;sh fnod .ekSu i|yd wdrdOkd lrkakg wu;l lf<a keye'
මහින්ද - නාමල් සම්බන්ධන් බලන්න යයි
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(25) රෝහලට ගොස් තිබේ.
ගයේෂා දේශපාලන පිටියට බැහැලා
හැමදාමත් අලුත් විදියේ වැඩක් හරහා කරළියට එන චරිතයක් තමයි ගයේෂා කියන්නෙ. රංගනය ජීවිතය කරගත් ඇය රූ රැජනක් විදිහටත් ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා.
පසුගිය කාලේ සමාජ සේවයටද කැප වුණා. දැන් තමයි එහි ඇත්ත නැත්ත හෙළි වෙන්නෙ. ඔන්න ගයේෂත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවලු.
විස්සයි20 තරගාවලියත් ඉන්දියාව දිනයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 88ක ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්ඩෝර් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ ආරාධයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5 ට ලකුණු 260ක් රැස්කළේය.
විස්සයි20 පිටියේ සම වේගවත්ම ශතකය වාර්තා කළ රෝහිත් ෂර්මා ලකුණු 118ක් රැස්කළේය. ඔහු ලෝකේෂ් රාහුල් (89) හා එක්ව පළමු කඩුල්ලට ලකුණු පන්දුවාර 12.5කදී ලකුණු 165ක සබඳතාවත් පැවැත්වීය. රෝහිත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දෝනි (28) හා එක්වූ රාහුල් ඉන්දීය ඉනිම පන්දුවාර 18.3කදී ලකුණු 243ක් දක්වා රැගෙන ආවේය.
ට්‍රම්ප්ගේ තීරණයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් විරුද්ධයි
ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් විරෝධය ප්‍රකාශ කර තිබේ.
ජෙරුසලම ඊශ්‍රායෙලයේ අගනුවර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 128ක් මෙසේ සිය ඡන්දය භාවිත කළේය.
ජනතා විමුක්ති පෙරමුණත් දෙකඩ වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුඑ සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.
ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනම යළි හකුලා
ශ‍්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් තහනම ක‍්‍රියාත්මක කිරීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඒ, ඊයේ (19) පැවති කැබ්නට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමත් සමගයි.



















