මහින්ද - නාමල් සම්බන්ධන් බලන්න යයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(25) රෝහලට ගොස් තිබේ.


කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන විපක්ෂ නායකවරයාගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවයි වාර්තා වේ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ සම්බන්ධන් මහතා කෙටි කතාබහකද නිරත වී තිබේ.