රජිනකාන්ත් දේශපාලනයට

තමාගේම පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනකාන්ත් තීරණය කර තිබේ. ඔහු අඛණ්ඩව ප්‍රකාශ කළේ තමන් දේශපාලනයට පිවිසීම ගැන අවසන් තීන්දුව දෙසැම්බර් 31දා ගන්නා බවයි.

ඒ අනුව ඊයේ (31දා) ඔහු ප්‍රකාශ කළේ තමන් 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු මැතිවරණයට තමන්ගේම පක්ෂයකින් තරග කරන බවයි.

මේ අතර ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මේ වන විටත් රජිනකාන්ත් හා සන්ධාන ගත වීමට අපෙක්ෂාවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආසියාවේ ඉහළම ගෙවීමක් සහිත රජිනකාන්ත් පවසන්නේ තමන්ට තමිල්නාඩුවේ මේ වන විට පවතින යාන්ත්‍රණය වෙනස් කිරිමේ කාර්ය භාරයක් ඇති බවයි.

තමිල්නාඩුවේ ආසන 234ටම තරග කිරීමට අපෙක්ෂා කරන බව රජිනකාන්ත් සඳහන් කරයි. ඔහුගේ තීරණයත් සමග තමිල්නාඩු ජනතාව මාර්ගයන් වෙත පිවිස සිය සතුට ප්‍රකාශ කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“ මම මේ තීරණය දැන් නොගත්තොත් වරද මටම දඬුවම් කරාවි. මම මේක කිසියම් වූ තනතුරක්, මුදල් හො ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් කරන්නේ නෑ. ඒවා මට ඇති තරම් තිබෙනවා.” යැයි රජිනකාන්ත් පවසයි.

තමිල්නාඩුවේ බලවත් චරිතයක් වශයෙන් සැලකෙන රජිනකාන්ත් 1996 වසරේදී වරක් හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ව විවේචනය කිරීමත් සමග ඩී.එම්.කේ. පක්ෂය තමිල්නාඩුවේ බලයට පැමිණියේය.

කෙසේ වෙතත් පසුව රජිනකාන්ත් ප්‍රකාශ කළේ එය තම වැරැද්දක් වූ බවයි.