විස්සයි20 තරගාවලියත් ඉන්දියාව දිනයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 88ක ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්ඩෝර් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාගේ ආරාධයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5 ට ලකුණු 260ක් රැස්කළේය.

විස්සයි20 පිටියේ සම වේගවත්ම ශතකය වාර්තා කළ රෝහිත් ෂර්මා ලකුණු 118ක් රැස්කළේය. ඔහු ලෝකේෂ් රාහුල් (89) හා එක්ව පළමු කඩුල්ලට ලකුණු පන්දුවාර 12.5කදී ලකුණු 165ක සබඳතාවත් පැවැත්වීය. රෝහිත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දෝනි (28) හා එක්වූ රාහුල් ඉන්දීය ඉනිම පන්දුවාර 18.3කදී ලකුණු 243ක් දක්වා රැගෙන ආවේය.

ලකුණු 261ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල (25) මුළු ලකණු 43දී දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි කුසල් පෙරේරා (77) ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව දෙසට තරගය ක්‍රමයෙන් ගෙන ඒමට උත්සාහ කළත් දෙවැනි කඩුල්ල ලෙස තරංග (47) මුලු ලකුණු 145දී දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීමට ආරම්භ විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 27ක් තුළ බිඳ වැටුණි.

තරගයේ ජයත් සමගින් තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.