Dec282017

2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.‍

තවද ඔබේ ඇන්රොයිඩ් ජංගම දුරකථන ඔස්සේ doenets.lk සහ ඇපල් ජංගම දුරකථන සඳහා doenets යන ඇප් හරහාද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදි පැවැත්විය.

විභාගය සදහා පෙනී සිටි අපේක්ෂකයින් ගණන තුන් ලක්ෂ 15,227 ක් වේ.

ඒ අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය සිටින අය පහතින්

ජීව විද්‍යාව - මාතර සුජාතා විද්‍යාලයේ දිලානි සූනීතා
කලා - රත්නපුර සද්ධර්මාලංකාරපිරිවෙන - පූජ්‍ය පත්බේරියේ මුන්දවංශ හිමි
වාණිජ්‍යය - මාතර සුජාතා - දිලානි රසන්තිකා
භෞතික විද්‍යාව - හාඩ්ලි විද්‍යාලය පේදුරුතුඩුව - ශ්‍රීධන් රුවන්කරන්
ඉංජිනේරු තාක්ෂණවේදය - මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය - පාරමී ප්‍රසාදි
පොදු විෂය ධාරාව - කොළඹ දේවී බාලිකා - හිරුණි ශාක්‍යා
ජෛව පද්ධති තාක්ෂණවේදය - රත්නපුර ශීවලී - ලක්ෂිත චතුරංග

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by