මම හදවතින් තවම එජාපයේ

"මම තවමත් හදවතින්ම බැඳිලා ඉන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ. ඒ නිසාම මෙවර කිසිදු මැයි රැලියකට මම සහභාගි වන්නේ නැහැ" යනුවෙන් එජාපයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

මහනුවර වටපුළුව පුරාණ බෝධිමළු විහාරයේදී ඊයේ (27 දා) සවස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා මහෝපාධ්‍යාය පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියන් බැහැදැකීමට ගිය අවස්‌ථාවේදී එසේ කීය.

SF ලොක්කාගේ කප්පම් සෙල්ලම් හෙළිවෙයි

සුඛෝපභෝගී මෝටර් රථයක් පැහැර ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන එස්. එෆ්. ලොක්කා අනුරාධපුර නගරයේ වෙළෙඳසල්වලින් කප්පම් ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

පොළොන්නරුවේ උෂ්ණත්වය 38

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් වෙන කවරදාටවත් වඩා ඉහළ උෂ්ණත්ව අගයන් දිවයිනේ නන්දෙසින් වාර්තා වී තිබේ.ගෙවුනු දශක දෙකක කාලයක සිට රට පුරා පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී අධික උණුසුම් තත්ත්වයක් මතුවන්නට හේතුවී තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ අද යුග දිවියට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි.ඇය 'දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳයි

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.

විදුලි සභාපති අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය වෙත ඊයේ (26දා) භාරදී ඇති බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

එස්‌.එෆ්. ලොක්‌කා අත්අඩංගුවට

ගිනස්‌ වාර්තා තැබූ කරාටේ වසන්ත ඝාතනය කිරීම, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් මුළු අනුරාධපුරයම භීතියට පත් කර ගෙන සිටින එස්‌. එෆ්. ලොක්‌කා නමැති පාතාල නායකයා අනුරාධපුර පොලිසිය මගින් ඊයේ (26 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල මැරයා වෑන් රථයක්‌ පදවාගෙන යමින් සිටියදී මගරැක සිටි අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් දහයියාගම හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්බෝම්බයක්‌ ද සමගය.

සුප්‍රසිද්ධ යාහු සමාගම විකුණා දමයි

ලෝ පූජිත යාහු අන්තර්ජාල සමාගම ඩොලර් මිලියන 186 කට අලෙවි කිරීමට එම සමාගමේ ප්‍රධාන විධායක මරිස්‌සා මේයර් තීරණය කර ඇත. ලබන ජුනිමස මෙම ගනුදෙනුව සිදු වීමට නියමිතය. යාහු සමාගම විකුණාදමන්නේ වෙරිසන් සමාගමට බව වාර්තා වේ.

ඇය යාහු සමාගම විකුණාදැමීමට මුල් වී ඇති හේතුව හෙළි වී නැත.

කොළඹ කුණු කසළ ඉවත් කිරීමේ ගැටලු රැසක්‌

මුළු කොළඹම දැන් ගඳගහනවා
වෙළෙඳ ව්‍යාපාරික ජගත් කුමාර

පැණි බීම නිසා ආඝාතය හා ඩිමෙන්ෂියාව ඉහළට

කෘත්‍රීම රස ගැන්වූ පැණි බීම වර්ග දිනපතා පානය කරන අය කල්ගතවත්ම ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හා "ඩිමෙන්ෂියා" යන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

බොස්‌ටන් විශ්වවිද්‍යාලය හා ජාතික හෘද, පෙණහළු හා රුධිර මධ්‍යස්‌ථානය ඒකාබද්ධව සිදු කර ඇති මෙම අධ්‍යයනයේදී වයස අවුරුදු 45 ට වැඩි 2888 දෙනකු ආඝාතය රෝගය සම්බන්ධවද වයස අවුරුදු 60 ට වැඩි 1484 දෙනෙකු ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධවද අධ්‍යයනයට ලක්‌ කර තිබේ.

සාලාවේ විපතට පත්වූවෝ වන්දි ඉල්ලා නඩු මගට

සාලාව අවි ගබඩාව පිපිsරීමෙන් හානියට පත් දේපළවලට රජය මෙතෙක්‌ වන්දි ගෙවා නැති බවත් විපතට පත් සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ගෙවන ලෙසත් ඉල්ලා අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කළ බව කොස්‌ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා ඊයේ (25 දා) පැවැසීය.

නඩු පැවැරීම සඳහා දැනටමත් නීතිඥයන් සමඟ සාකච්ඡා කර පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා සති දෙකක්‌ තුළ නඩු පැවැරීම සිදු කරන බව පැවැසීය.