මම හදවතින් තවම එජාපයේ

"මම තවමත් හදවතින්ම බැඳිලා ඉන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ. ඒ නිසාම මෙවර කිසිදු මැයි රැලියකට මම සහභාගි වන්නේ නැහැ" යනුවෙන් එජාපයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

මහනුවර වටපුළුව පුරාණ බෝධිමළු විහාරයේදී ඊයේ (27 දා) සවස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා මහෝපාධ්‍යාය පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියන් බැහැදැකීමට ගිය අවස්‌ථාවේදී එසේ කීය.

එජාපය නියෝජනය කරමින් මධ්‍යම පළාත් මහ ඇමැතිධුරයට තරග කරන ලෙස මහජන ඉල්ලීම් ඇති බවත්, එජාපය සමඟ එක්‌වන ලෙස දැනට නිල ආරාධනා ලැබී නැති බවත් ආරාධනා කළහොත් එය භාර ගන්නා බවත් කී ඒ මහතා ඉදිරියේදී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට සහභාගි වීමට අපේක්‌ෂා කරන බවත් වැඩිදුරටත් කීය.