ශ්‍රී ලංකාවාසීන්ගේ ආහාරය සඳහා මස් ලබා ගනු පිණිස වසරකදී කුකුළන් දහතුන් කෝටි විසි ලක්ෂයක් ඝාතනය කෙරේ.කුකුළන්ට අමතරව ගවයන් එක්ලක්ෂ හැටහත් දහසක්ද එළුවන් පනස් දහසක්ද මස් පිණිස ඝාතනය කෙරේ.
ශ්‍රී ලංකාවේ මස් පිණිස මරා දමන එම සතුනට අතිරේක වශයෙන් 2016 වසරේදී එළු මස් මෙටි්රක්ටොන් 297ක්, බැටළු මස් මෙ.ටො. 131ක් හා හරක් මස් මෙ.ටො. 85ක් විදේශ රටවලින් ආනයනය කරයි. ශ්‍රී ලංකාවට මස් ආනයනය කරන ප්‍රධාන රටවල් දෙක ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයයි.