රවිගෙන් අලුත් වැට් බද්දක්

නව වැට් බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අප්‍රේල් 1 වැනිදා සිට නව වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය අඟහරුවාදා (21දා) කැබිනට් මණ්ඩලය වෙත යොමු කොට තිබේ.

ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක වන ආකාරයේ වැට් පනතක් ගෙන ඒම තම අපේක්ෂාව බව එහිදී මුදල් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා තිබේ.
නව වැට් බද්ද සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනයට සරත් අමුණුගම, කබීර් හෂීම්, රවි කරුණානායක ඇතුළු පිරිසකගෙන් සමන්විත කැබිනට් අමාත්‍ය අනුකමිටුවක් පත් කොට තිබේ.

වැට් හෙවත් එකතු කළ අගය මත බද්ද අනුව බදු අය කිරීම 2002 අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. නව වැට් ක්‍රමය මඟින් ආයෝජකයන් දිරිමත් කිරීම ඇතුළු කරුණු රැසක් ආණ්ඩුව අපේක්ෂා කරන බව දැනගන්නට ඇත.