පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි

පොලිස් නිශ්කාෂණ වාර්තාව (police Clearance report) අන්තර්ජාලය ඔස්සේ (Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ.

විශේෂයන්ම ඇතැම් රටවල් සදහා විදේශගත වීමට බලාපොරොත්තු වන සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර කාලයකදී ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

පෙර පැවති සාමාන්‍යය ක්‍රමවේදයට අනුව මෙම පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබා ගැනීමට අයැදුම් කිරීම සදහා ජනතාවට කොළඹ ඕල්කට් මාවතේ පිහිටි කාර්යාලය වෙත පැමිණීමට සිදුවු අතර වාර්ථාව නිකුත් කිරීමට දින 14ක පමණ ගත විය.

සාපෙළ පළමු තැන විශාකාවේ අනුකිට

අද ප්‍රතිඵල නිකුත් වූ 2016 වසරේ දෙසැම්බර් මස පැවැති අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙල් විසින් හිමිකරගෙන තිබේ.

එහි දෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාළිකා විදුහලේ එස්.එම්.මුණසිංහ සිසුවියත්, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විදුහලේ ආර්.එම්. සුගත් රවිඳු සිසුවා හා මාතර රාහුල විදුහලේ දිමුත් මිරිස්සගෙත් හිමිකරගෙ තිබේ. සිවුවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාළිකා විදුහලේ පබසරා හේරත් විසිනුත් ලබාගෙන ඇත.

2016 O/L ප්‍රතිඵල මෙන්න


2016 වසරේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල මෙතනින් ලබාගත හැක.

කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අනිද්දා පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා.ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්.කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන ප‍්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවනවා.

ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු අවසන්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ධාවන පථයේ නවීකරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් බවත් සැලසුම් කළ පරිදි අප්‍රේල් 06 වැනිදා සිට ධාවන පථය දිවා කාලයේත් විවෘතව තබන බවත් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ගුවන් ධාවන පථයේ විද්‍යුත් සංඥා පද්ධතියේ සහ බැහැරුම් පථයේ ටැක්සි වේ කම්කරු කටයුතු පමණක් මේ දිනවල සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

දහසය හැවිරිදි දැරිය දූෂණය කරලා

දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය ලොකොමෝටිව් රියැදුරන් විසින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ වැටුප් විෂමතා ප්‍රශ්න සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට දුම්රියේ පාලනාධිකාරිය විසින් දැනුම් දීම කර තිබූ නමුත් එය මතෛක් ඉටු නොවීම නිසා මෙම තීරණයට එළැඹි බවයි.

කුලසේකර ශ‍්‍රී ලංකා පිලට කැඳවයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඉකුත් දා නිමා වූ ඕස්ටේ‍්‍රලියානු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ දී ද ඔහු පන්දුවෙන් දස්කම් දැක්වූවා.

කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ මුල් සංචිතයට කුලසේකර ඇතුළත් වුණේ නැහැ.

මේනකා පීරිස්ගේ අළුත්ම පෙම්වතා මෙන්න

Menaka Peiris New Love Affair
ජනප්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස්ගේ අළුත්ම ආදර කතාව පිළිබඳව අප වෙත අනාවරණය වෙනවා.මේනකාගේ ආදරය දිනාගෙ ඇත්තේ ක්ෂේත්‍රයේම අයෙකු බවයි වාර්තාවෙන්නේ. වැඩිදුරටත් තොරතුරු දැනගන්නට ලැබෙන ආකාරයට ඒ නවක රංගන ශිල්පී "රනිල් කුලසිංහ" බව වාර්තාවෙනවා.

මිතුරෙකුගේ මාර්ගයෙන් දැන හැඳිනගැනීමකින් අනතුරුව කතාබහ කිරීමෙන් පසුව, මෙය ආදර සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වූ බවයි අපිට දැනගන්න ලැබුනේ.මේ අතර අප වැඩිදුරටත් අනාවරණය කරගත්තේ දෙපාර්ශවයම දෙමව්පිය ආශිර්වදය ද මේ සඳහා ලැබී ඇතිබවත්ය.

විමල් බන්ධනාගාර රෝහලට

රජයේ වාහන 40ක් අවභාවිතා කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතා මේ වනවටි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

තමන්ට ඇප ලබාදෙන ලෙස බලකමින් ඔහු උපවාසයක් ආරම්භ කළ අතර මේ වනවිට ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් ඇත.