ශ්‍රී ලංකාවට ලකුණු 90 ක පරාජයක්

සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු විය. ලකුණු 325 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සියළුම දෙනා පන්දුවාර 45.1 කදී දවා ලීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස තිසර පෙර්රා ලකුණු 55 කට දැවී ගියේය. ලක්ෂාන් සඳකැන් ලකුණු 3 කට හා සුරංග ලක්මාල් ලකුණු 8 කට දැවී ගියේය.
මෙය බංග්ලාදේශය ශ්‍රි ලංකාවට එරෙහිව තරග 39 කදී ලැබූ 5 වැනි ජයග්‍රහණය වූ අතර මුලින් පන්දුවට පහර දෙමින් වාර්තා කළ පළමු ජයග්‍රහණය විය.මෙය එක්දින තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. තරගයේ වීරයා සම්මානය තමීම් ඉක්බාල් ට හිමි විය.

අත්දැකීම් බහුල සහ ලකුණු අතර සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කණ්ඩායමේ නොමැතිවීම සහ දුර්වල පන්දු රැකීම, බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසයි.