බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ කියන අති දක්ෂ විකට නළුවන් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් මෑතකදී දකින්නට ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපාන්නේ නැත්තේ හිත් අමනාපකම් නිසා කියලයි සමහරු කිව්වේ. ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ අවුරුදු දහයකට පසුව ආයෙමත් එකට රඟපාන්නේ 'අයිබා ෆිල්ම්ස්' නිෂ්පාදනය කරන, සජීව සංකල්ප කියන තරුණ අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන 'යම රජ සිරි' චිත්‍රපටයේයි.
විමල්ගේ දියණිය විමාශාට A-9 යි
ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය.
මෙවර කම්කරු දිනය කල්දමයි
මැයි මස 07 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මැයි මස පළමු වන දිනට යෙදී ඇති රජයේ නිවාඩු දිනය අවලංගු කර තිබෙනවා.
මෙවර ලෝක කම්කරු දිනය සමඟ යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වන දිනට කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.
අප්‍රේල් 01 දා සිට නව බදු තුනක් ක්‍රියාත්මකයි
මෙවර සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ වසරක් වේවා කියා ප්‍රාර්ථනා කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (27දා) පැවසීය.
අවුරුදු ප්‍රීතිය සමග ඛනිජ තෙල්,පොහොර,ගෑස්,රසායනික ද්‍රව්‍ය මිල වැඩිවීමට නියමිත බවත්, ඉන් පසුව ජනතාවට විශාල පීඩනයකින් යුතුව ජීවත්වීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
විශ්වාසභංගය ජය පරාජයේ තීරණය දෙමළ සන්ධානය අතේ
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හෝ පරාජය කිරීම ස`දහා තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ ඡන්දය බව එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් ප්‍රකාශ කළහ.
මේ නිසා එක්‌සත් ජාතික පක්‌ෂය අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය ලබා ගැනීම ස`දහා ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඒaකාබද්ධ විපක්‍ෂයේ පිරිසක්‌ද ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා අරඹා ඇති අතර, ද්‍රවිඩ සන්ධානය විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව හෝ විපක්‌ෂව ඡන්දය දීමෙන් වළක්‌වාලීමේ පසුබිම ඒකාබද්ධ විපක්‌ෂය විසින් සකසමින් සිටින බව ඉහත ප්‍රකාශකයා කීවේය.
IOC තෙල්මිල ඉහළ දමයි
ඉන්දීය තෙල් සමාගම ඩීසල් හා 92 ඔක්ටේන් පෙට්‍රල් මිල පිළිවෙලින් රැපියල් 5කින් හා 9කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඊයේ (23දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ලංකා ඛණිජ තෙල් සංස්ථාව සිය තෙල් මිල ඉහළ දැමීමට තවමත් තීරණය කර නොමැත.
කෙසේ වෙතත් සුපර් ඩීසල් හා 95 ඔක්ටේන් පෙට්‍රල් මිල ඉහළ දමා නොමැත. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 100ක් වන අතර පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 126ක් වෙනු ඇත.
දැරියක් දූෂණය කළ තරුණයෝ 5ක් දැලේ
බාලවයස්කාරියක් දූෂණය කළ තරුණයන් පස් දෙනකු පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 2016 වර්ෂයේ සිට වරින්වර පෙම් සබඳතා ගොඩනඟා ගනිමින් 15 හැවිරිදි බාල වයස්කාරියක් මෙලෙස වරින්වර දූෂණයට ලක්වී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.ඇය අවසන් වරට මාර්තු මස 01 සහ 13 වැනි දින මොරවක ප්‍රදේශයේ පාළු ගොඩනැඟිල්ලකදී දූෂණයට ලක් වූ බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.
සැම්සුන් ගැලැක්සි S9, S9+ මෙරටට
කොරියාවේ සැම්සුන් සමාගම විසින් සිය ගැලැක්සි මාදිලියට අයත් නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය, ඊයේ (19) දින කොළඹ දී එළිදක්වනු ලැබුණි.
මේ අනුව සැම්සුන් ගැලැක්සි S9 හා S9+ උපාංග මාර්තු 23දා සිට මෙරට පාරිභෝගිකයා හට ලබාගත හැකි වේ. නැතහොත් 23දා තෙක් Pre-order කිරීමෙන් ලබාගත හැකි වේ.
මෙම දුරකථන උපාංග වල සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි වැඩිදියුණු කරන ලද කැමරාවයි. මන්දාලෝක තත්වයන් යටතේ වුවත් ඉතා පැහැදිලි ඡායාරූප හා වීඩියෝ ලබාගැනීමට Dual Aperture කාචයකින් හා Super Speed Dual පික්සල් වලින් මෙන්ම වීඩියෝ දසුන් ඉතාමත් මන්දගාමී අයුරින් හසුකරගැනීමට Super Slow-mo පහසුකම් ද මෙම උපාංග වල අඩංගු වේ.
විශ්වාසභංගයට ජවිපෙ සහාය
අග්‍රාමාතයවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ පසු එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජන කිරීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ බල කේන්ද්‍ර දෙකක් තිබෙන බවත් එකක් රනිල් වික්‍රමසිංහ බල කේන්ද්‍රය බවත් අනෙක් බල කේන්ද්‍රය සිරිසේන බල කේන්ද්‍රය බවද කියා සිටියේය.පසුගිය අවුරුදු තුන තුළම තිබුණේ මෙම බල කේන්ද්‍ර දෙකේ ගැටුම බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරදී
නිදහස් කසලානය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද 16 පැවති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 159 බංග්ලාදේශය පසුකර ගියේ ඔවුනගේ ඉනිමේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී 6 පහරක් ගසමිනි.මේ අනුව නිදහස් කුසලාන
අවසන් තරගය සඳහා දැනට තේරී සිටින ඉන්දියාව සමග තරග වදිනු ඇත්තේ බංගලිදේශයයි. මව්රටේදී තුන්කොන් තරගාවලියක පිටපිට තරග 3 ක් ලංකාව පරාජයට පත්වූ මුල්ම අවස්ථාවද මෙය වෙයි.
මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් දිවියෙන් සමුගනී
ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින් අද (14) එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.
මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.
මහසොහොන් බලකායේ ලොක්කාගේ බිරිද කතා කරයි
මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු බිරිද විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.
‘මගෙ මහත්තය අමිත්ත වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදායත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.
ඉන්දියාව පහසු ජයක් ලබයි
වර්ෂාව හේතුවෙන් පන්දු වාර 19 බැගින් පැවැත්වූ නිදහස් කුසලානයේ සිවුවැනි තරගය ජයගන්නට ඉන්දියාව සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුළු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 55ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ෂර්දුල් ඨාකූර් පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 27ක් ලබාදී කඩුළු 4ක් ලබාගන්නට සමත් විය.
රමිත් රඹුක්‌වැල්ල අත්අඩංගුවට
නාරාහේන්පිට, නාවල පාරේදී රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමකදී නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවකුට පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් කණ්‌ඩායම නියෝජනය කළ රමිත් රඹුක්‌වැල්ල 09 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
මොහු රාත්‍රි 11.00 ට පමණ අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ බීමතින් සිටි බව නාරාහේන්පිට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (11 වැනිදා) පැවැසීය.
ඇඟේ ලේ අඩු නම් පිළිකා සහ හෘදයාබාධ !
පාසල් දරුවන්, මැදි වියේ පුද්ගලයින් මෙන් ම මහළු වියේ සිටින බොහෝ පුද්ගලයින් රක්තහීනතාවයෙන් පෙළෙන අවස්ථා සුලභව දක්නට ලැබේ. වර්තමානයේ පවතින තරඟකාරී සමාජ රටාව තුළ කාර්යබහුල වන පුද්ගලයින් තමන්ටත් නොදැනීම රක්තහීනතාවයට ගොදුරු වේ. හිමොග්ලොබින් ශරීරයේ නිපදවීම අඩු වීම , රුධිරය වහනය වීම, සහ රතු රුධිරාණු ශරීරය තුළ දී විනාශ වීම යන ක්‍රම තුන මඟින් ශරීරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය අඩු විය හැකි ය.
ජනපති අද ජපානයට
ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) ජපානය බලා පිටත්ව යයි.
ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව ජපානය බලා පිටත්ව යන ජනාධිපතිවරයා එළඹෙන 17 දා තෙක් එරට රැදී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ෂී ජින්පින් සදාකල් ජනාධිපති
චීන ජනපති ෂී ජින්පින් මහතාට සිය ජීවිත කාලය පුරාම ජනපති ධුරයේ කටයුතු කිරීමේ අවස්‌ථාව උදාවී ඇත.චීන ජාතික කොංග්‍රසය විසින් ජනපති ධුරය දැරීමේ කාල සීමාව අහෝසි කර තිබේ.
මීට පෙර චීන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකිව තිබුණේ දෙවාරයකට පමණි. ෂී ජින්පින් ජනපතිගේ ධුර කාලය 2023 දී නිම වන්නට තිබුණත් මේ සංශෝධනය නිසා ඔහු සදහටම ජනපති වේ. චීන ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් 2964 අතරින් මෙයට විරුද්ධ වී ඇත්තේ දෙදෙනකු පමණි.
මහනුවර නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවට අමතරව යුද හමුදාව ඇතුලු ආරක්ෂක හමුදා කණ්ඩායම්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
එමෙන්ම රටේ ස්ථාන කිහිපයක පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන සතියක කාලසීමාවක් සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ පස්වරුවේ සිටක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළා.ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින්.
විස්සයි 20 තරගෙන් ඉන්දියාව ලංකාවට පරදී
මින් කලකට ඉහත ශ්‍රී ලංකාව ඉන්දියාවට ගොස් අති දරුණු පරාජ වැලකට මුහුණ දුන් පසු හතුරුසිංහ යටතේ පුහුණුව ලබමින් නව ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාවට එරෙහිව ලංකාවේදී ක්‍රිකට් ජයක් වාර්තා කිරීම විශේෂ සිද්ධියකි.
නීතිය හා සාමය ෆොන්සේකාට
දැනට තාවකාලිකව අගමැති යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන ඇමැති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.


















