මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් දිවියෙන් සමුගනී

ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින් අද (14) එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.

මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.

විසිවන සිවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ඇල්බට් අයින්ස්ටයින් නම් කොට තිබූ අතර හෝකින් විසි එක්වෙනි සියවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ලෝක ඉතිහාසයට එක්වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.‍‍

කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය වැනි දෑ පිළිබඳව සොයා ගෑනීම් කිරීමට වෙහෙසුනු ඔහු ජීවිතයෙන් සමුගැනීම අනාගත ලෝකයට විශාල පාඩුවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්ටීවන් මහතා අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්ය ධූරය දරා ඇත. එසේම වැදගත්ම කාරණය වන්නේ අයිසෙක් නිවුටන්ට පසුව එම ධූරය දැරෑ එකම පුදුගලයා වන්නේද ඔහු වීමයි.

කෙසේ වෙතත් ස්ටීවන් හෝකින් මහතා වසර ගනනාවක් තිස්සේ අංශභාග රෝගයට ගොදුරැව රෝගීව රෝදපුටුවකට වී සිටින අතර මේ කිසිවකට ඔහුගේ පර්යේෂණ හා අදහස් නතර කිරීමට නොහැකි විය.

මිය යන විට ඔහුට හරිහැටි කතාබහ කිරීමට නොහැකි වූ අතර එම නිසාම මෙතුමාගේ වටිනා අදහස් දැනගැනීම සඳහාම ඉන්ටෙල් සමාගම මඟින් තැනු විශේෂ පරිගණකයක් ඔහුගේ රෝද පුටුවට සවි කර තිබුණි.