සැම්සුන් ගැලැක්සි S9, S9+ මෙරටට

කොරියාවේ සැම්සුන් සමාගම විසින් සිය ගැලැක්සි මාදිලියට අයත් නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය, ඊයේ (19) දින කොළඹ දී එළිදක්වනු ලැබුණි.

මේ අනුව සැම්සුන් ගැලැක්සි S9 හා S9+ උපාංග මාර්තු 23දා සිට මෙරට පාරිභෝගිකයා හට ලබාගත හැකි වේ. නැතහොත් 23දා තෙක් Pre-order කිරීමෙන් ලබාගත හැකි වේ.

මෙම දුරකථන උපාංග වල සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි වැඩිදියුණු කරන ලද කැමරාවයි. මන්දාලෝක තත්වයන් යටතේ වුවත් ඉතා පැහැදිලි ඡායාරූප හා වීඩියෝ ලබාගැනීමට Dual Aperture කාචයකින් හා Super Speed Dual පික්සල් වලින් මෙන්ම වීඩියෝ දසුන් ඉතාමත් මන්දගාමී අයුරින් හසුකරගැනීමට Super Slow-mo පහසුකම් ද මෙම උපාංග වල අඩංගු වේ.

AKG කාක්ෂණය අනුව සුසර කරන ලද ප්‍රබල ස්ටීරියෝ ස්පීකර, Dolby Atmos සහිත ත්‍රිමාන ශ්‍රවණ තත්ත්වය සහ වඩාත් ප්‍රියමනාප පූර්ණ Infinity Display දෘෂ්‍ය තත්ත්වය මගින් සැම්සුන් ගැලැක්සි S9 හා S9+ උපාංග වැඩිදියුණු විනෝදාත්මක අත්දැකීමක් සම්පාදනය කරයි.

Midnight Black හා Coral Blue යන වර්ණ වලින් මෙන්ම Lilac Purple නම් නව වර්ණයෙන්ද ලබාගත හැකි මෙම උපාංග වල මිල පහත පරිදි වේ :

                          Galaxy S9                            Galaxy S9+               

  64GB                   රු. 142,900                   රු. 160,900 

 128GB                                                       රු. 177,900 

 මෙම උපාංග එළිදැක්වීම සඳහා ඊයේ දින කොළඹ පැවති උත්සවයට පැමිණි සැම්සුන් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හන්බේ පාක් මහතා මෙසේ පැවසීය :

“මෙය ඡායාරූප, emojis හා වීඩියෝ අන්තර්ගතය මගින් නොකඩවා පෞද්ගලික තොරතුරු ප්‍රකාශයට පත් කෙරෙන යුගයක්. ඒ නිසයි අපි සැම්සුන් ගැලැක්සි S9 හා S9+ මාදිලි දෙක ඉදිරිපත් කරමින් අනාගතව වෙනුවෙන් ස්මාර්ට් දුරකතන ගැන නැවත සිතා බැලීමක් කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ අංක 01 සන්නාමය ලෙස වෙළඳපොලේ ප්‍රමුඛයා බවට පත්ව සිටින අපේ අරමුණ අද දවසේ ‘තමන්ට කරන්න බැරි දේ කරන්න’ ශ්‍රී ලාංකිකයන් බල ගැන්වීමයි.”